දිවයිනේම පාසල් දරුවන්ට උදේන්ම සුබ ආරංචියක් - අධ්‍යාපන අමාත්‍යාංශය ගත් විශේෂ තීරණය මෙන්න..
අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ 2025 වර්ෂයට අදාල පාසල් නිල ඇදුම් චීන රජයෙන් සැපයීමේ කටයුතු මේ වන විටත් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත තහවුරු කර තිබෙන බවයි.
2025 වර්ෂයට අදාළ පාසල් පෙල පොත් ප්‍රාදේශීය ගබඩාවලට නිකුත් කිරීම අද (23) දිනයේ සිට ආරම්භ කරන බව අමාත්‍යවරයා පැවසීය.
ප්‍රධාන පෙලේ ජාතික පාසල් හැරුණු විට සෙසු සියළු පාසල් සඳහා දිවා ආහාරය ලබාදීමට රජය කටයුතු කොට ඇති බවත් ලක්ෂ 17ක සිසු දරුවන් ප්‍රමාණයක් එම ප්‍රතිලාභය ලබන බවත් ඔහු සඳහන් කළේ ය.
කෙසේ වෙතත්, වැඩිදුරටත් ඒ මහතා කියා සිටියේ තාක්ෂණයෙන් ඉහළ Smart Board 2700ක් පාසල්වලට ලබා දීමට මේ වන විට කටයුතු යොදා තිබෙන බවයි.