මාසෙකට රු.6000ක්.. පාසල් දරුවන්ට ලැබෙන ජනාධිපති ශිෂ්‍යත්ව ප්‍රධානය ගැන අද ලැබුණ ආරංචිය මෙන්න..
By krishani
අද (22) දිනයේ දී දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ දී, දැයේ දුවා දරුවන්ගේ අධ්‍යාපනයේ හෙට දවස උදෙසා ඉමහත් දායකත්වයක් සපයමින් ක්‍රියාත්මක වන ජනාධිපති අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානය - 2024 වැඩසටහන පැවැත්විණ.
එහිදී අධ්‍යාපන කලාප 04කට අයත් සිසු දරුවන් සඳහා අධ්‍යාපන ශිෂ්‍යත්ව 4650ක් පිරිනැමුණේ ය.
ඒ අතර උසස් පෙළ දරුවන් 240ක් වෙනුවෙන් මසකට රු.6000ක් වටිනා ශිෂ්‍යත්ව සහ 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දරුවන් 4410ක් වෙනුවෙන් මසකට රු.3000ක් වටිනා ශිෂ්‍යත්ව ද බෙදා දීම සිදු විය.