පාසල් දරුවන් 8ක් සමග ලිංගික ක්‍රියාවේ යෙදුනු ගණිත ගුරුවරයා... වැඩ වැරැද්ද ගනී

Report

10වන වසරේ ඉගෙනුම ලබන සිසුවියන් 8 දෙනෙකුට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගණිත ගුරුවරයෙකු අද (07) අරලගංවිල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා .

දිඹුලාගල අධ්‍යාපන කලාපයේ අරලගංවිල අධ්‍යාපන කොට්ඨාසයේ මහා විද්‍යාලයක ගණිත ගුරුවරයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ .

ළමුන් බසයට නංවා ගැනීම ප්‍රතික්ෂේප කළ ලංගම කොන්දොස්තරට වැඩ වරදී

ළමුන් බසයට නංවා ගැනීම ප්‍රතික්ෂේප කළ ලංගම කොන්දොස්තරට වැඩ වරදී

දෙමව්පියන් විසින් පොලීසියට අවස්ථා කිහිපයකදී සිදුකරන ලද පැමිණිලිවලට අදාළව ගණිත ගුරුවරයා අත්අඩංගුවට ගත් බවත්, එම ගුරුවරයා අතින් පාසලේ 10 වන වසරේ සිසුවියන් 8 දෙනෙකු අවස්ථා කිහිපයකදීම ලිංගික අතවරයට ලක්වී ඇති බවත් ඒ පිළිබඳ පරීක්‍ෂණ සිදුකරන අරලගංවිල පොලීසිය පවසනවා .

අත්අඩංගුවට ගත් ගණිත ගුරුවරයා අද (07) පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබෙනවා .

ගිනි අවි සහ අත් බෝම්බ ගැන ඔත්තුවලට ලැබෙන මුදල වැඩි වෙයි

ගිනි අවි සහ අත් බෝම්බ ගැන ඔත්තුවලට ලැබෙන මුදල වැඩි වෙයි

අරලගංවිල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉඳුනිල් හේමපාල මහතාගේ උපදෙස් මත කාන්තා පොලිස් කාර්යාංශය ඇතුළු පොලිස් නිලධාරි කණ්ඩායමක් සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබන බවයි සඳහන් වන්නේ .