අස්වැසුම නැතත් රට පුරා ඉන්න මේ පාසල් දරුවන්ටත් රජයෙන් දීමනාවක්

Report

පාසල් ලිපිද්‍රව්‍ය ලබා ගැනීමට පාසල් ළමුන්ට දීමනාවක් ලබා දීමේ වැඩසටහන 2026 වසරේදී ද ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.

ඒ අනුව, අස්වැසුම සුභසාධන වැඩසටහනට හිමි පවුල්වල පාසල් ළමුන් වෙනුවෙන් පාසල් ලිපිද්‍රව්‍ය ලබා ගැනීමට එක් ළමයෙකුට රුපියල් 6,000/-ක දීමනාවක් සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය හරහා ලබාදීමට නියමිතව ඇත.

එමෙන්ම අස්වැසුම වැඩසටහනට ඇතුළත් නොවන එහෙත් මෙම දීමනාවට හිමිකම් තිබිය යුතු ‍රට පුරා පිහිටි සිසුන් 300ට අඩු පාසල්වල ඉගෙනුම ලබන සිසුන්, පිරිවෙන් හා සීලමාතා ආරාමවල ඉගෙනුම ලබන ගිහි සහ පැවිදි සිසුන්, සහ ළමා සංවර්ධන මධ්‍යස්ථානවල සිටින පාසල් යන සිසුන් වෙනුවෙන් ද එක් අයෙකුට රුපියල් 6,000/-ක දීමනාවක් ලබාදීමට තීරණය කර තිබෙනවා.

දිවයිනේ සියලුම රාජ්‍ය පාසල්වලට මේවා නොමිලේ - අද ලැබෙනවා

දිවයිනේ සියලුම රාජ්‍ය පාසල්වලට මේවා නොමිලේ - අද ලැබෙනවා

අඳාළ පිරිස සඳහා එම දීමනා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය ඔස්සේ ගෙවීමට 2025 වර්ෂය තුළදී පියවර ගෙන ඇත.

ඒ අනුව එම වැඩසටහන 2026 වර්ෂය තුළද අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය වශයෙන් අග්‍රාමාත්‍යවරිය විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය මඟින් අනුමත කර තිබෙනවා.

ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත 06 ශ්‍රේණියට ඇතුළත් කිරීම ගැන අලුත්ම ආරංචිය

ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත 06 ශ්‍රේණියට ඇතුළත් කිරීම ගැන අලුත්ම ආරංචිය

විශේෂ නිවේදනයක් - මේ අවුරුද්දේ තියෙන සියලු විභාගවල දින මෙන්න

විශේෂ නිවේදනයක් - මේ අවුරුද්දේ තියෙන සියලු විභාගවල දින මෙන්න