ලැගුම්හලක කාමරයක් තුළ ඇඳක් මත පාසල් සිසුවියකගේ මළ සිරුරක්..

Police spokesman Sri Lanka Police Jaffna Attempted Murder Death
By Aruna Sep 14, 2023 03:44 AM GMT
Aruna

Aruna

Report

ලැගුම්හලක කාමරයක් තුළ ඇඳක් මත දින කිහිපයකට පෙර මියගොස් සිටි දැරියකගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයා ගෙන තිබෙනවා.

පසුගිය 12 වනදා දහවල් කාලයේ දී කෝපායි පොලිස් වසමේ තිරණවේලි ප්‍රදේශයේ පිහිටි ලැගුම්හලක වසා ඇති කාමරයක් තුළින් දුර්ගන්ධයක් හමන බවට එහි සේවකයෙකු විසින් කෝපායි පොලීසියට දැනුම්දී තිබේ.

ඒ අනුව, පොලීසිය සිදුකළ විමර්ශනවලදී කාමරයේ තිබී මියගිය දැරියගේ මළ සිරුරක් සහ තවත් ඇඳක සිහිසුන්ව සිටි කාන්තාවක් සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පසුව එම කාන්තාව ගිලන්රථයකින් යාපනය රෝහලට ඇතුළත් කර ඇත.

මියගොස් සිට ඇත්තේ අවුරුදු 12ක් වූ පල්ලිය පාර, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි පාසල් දැරියක් බවයි පැවසෙන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ දී මියගිය දැරිය මෙම කාන්තාවගේ පළමු විවාහයේ දියණිය බවට අනාවරණය වී ඇත.

මොවුන් දෙදෙනා පසුගිය සැප්තැම්බර් මස 9 වනදා ලැගුම්හල වෙත පැමිණ ඇති අතර, එහිදී කාන්තාව විසින් ඉන්සියුලින් එන්නතක් ලබාදී, නිදි පෙති 10ක් ලබාදී දැරියව ඝාතනය කර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මෘත ශරීරිය මහෙස්ත්‍රාත් පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකර දැරියගේ පියා වෙත භාර දී ඇත.

අපරාධයට සම්බන්ධ කාන්තාව පොලිස් ආරක්ෂාව යටතේ යාපනය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

සරසවියෙන් ඇරඹුණු පෙම හෝටල් කාමරයේ මරණයෙන් කෙළවර වූ භයානක පුවත.

සරසවියෙන් ඇරඹුණු පෙම හෝටල් කාමරයේ මරණයෙන් කෙළවර වූ භයානක පුවත.


ReeCha