පාසලක්ම නොසන්සුන් කරමින් සිසුන් විස්සක් පමණ හදිසියේ රෝහල් ගත කරයි - හේතුව මෙන්න
පාසල් ළමුන් වෙනුවෙන් ලබා දෙන දිවා ආහාරය විෂ වීමක් නිසා කන්තලේ විද්‍යාලයක සිසුන් විස්සකට ආසන්න පිරිසක් කන්තලේ මූලික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙසේ කන්තලේ මූලික රෝහල වෙත ඇතුළත්කර ඇත්තේ එම විද්‍යාලයේ පහ ශ්‍රේණියේ ඉගෙනම ලබන දරුවන් පිරිසක් බව සඳහන්.
දිවා ආහාරය සපයන්නා පාසල තුළ දී ඔවුන්ට දිවා ආහාරය ලබාදී ඇති අතර එය අනුභව කළ මෙම සිසු සිසුවියන් පිරිස යම් සංකූලතා පෙන්වා තිබෙනවා.
[UUP4YLS
ඒ අනුව ක්‍රියාත්මක වී ඔවුන් කන්තලේ මූලික රෝහලට ඇතුළත් කිරීමට පාසලේ පාලන අධිකාරිය ක්‍රියා කර ඇත.
කෙසේ වුවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ මෙසේ රෝහල වෙත ඇතුළත් කර සිටින සිසුවියන්ගේ තත්ත්වය බරපතළ නොවන බවයි.