පාසල් සංවර්ධන සමිති ගාස්තුව 1,500 දක්වා ඉහලට
පාසල් සංවර්ධන සමිති විසින් අය කරන ගාස්තු වැඩි කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය හිමිව ඇති බව ලංකා ගුරු සංගමය චෝදනා කරනවා.
එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ඊයේ (13) කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේ, කොළඹ ප්‍රමුඛ පාසලක එම ගාස්තු රුපියල් 1000ත් 1500ත් අතර ප්‍රමාණයකින් වැඩි කිරීමට අවසර ලබා දී ඇති බවයි.