නවතම iPhone 16e දැරිය හැකි මිලකට වෙළෙඳපොළට .- ඇනවුම් හෙට සිට භාර ගැනෙන්නේ මෙහෙමයි.

iPhone Apple Technology
By Wayomi Feb 20, 2025 06:02 AM GMT
Wayomi

Wayomi

Report

ඇපල් iPhone 16 මාදිලියට හඳුන්වා දීමට නියමිත නවතම ජංගම දුරකථනය පිළිබඳව ඇපල් සමාගම ඊයේ (19) නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

ඒ, අනුව මෙය A18 වේගවත් ක්‍රියාකාරිත්වය, 48MP 2-in-1 කැමරා පද්ධතියක් සහිත iPhone 16e ලෙස හඳුන්වා දීමට නියමිත අතර පෙර හඳුන්වාදුන් ජංගම දුරකථන මෙන් නොව මෙම දුරකථනය පාරිභෝගිකයින්ට දැරිය හැකි මිලකට ලබා ගත හැකියාව පවතියි.

මෙම ජංගම දුරකථනය කළු සහ සුදු වර්ණවලින් 128GB, 256GB සහ 512GB ගබඩා ධාරිතාවන්ගෙන් මිලදී ගත හැකිවන අතර, අමෙරිකානු ඩොලර් 599 සිට මිල ගණන් ආරම්භ වෙනවා.

ඒ අනුව, මෙය මිලදී ගැනීමේ පෙර ඇනවුම් හෙට (21) සිට ආරම්භවන අතර එළඹෙන 28 වැනිදා සිට එය නිල වශයෙන් මිලදී ගැනීමට හැකිවන බවයි එම සමගම නිවේදනය කර ඇත්තේ.


ReeCha