චීනයෙන් ගේන පාසල් දරුවන්ගේ නිල ඇඳුම ගැන රතු එළියක්..ඉදරියේදී වෙන දේ ගැනත් කියයි.

Ministry of Education China Ship In Sri Lanka Education
By Aruna Feb 03, 2025 08:19 AM GMT
Aruna

Aruna

Report

නොමිලේ පාසල් නිල ඇඳුම් මෙරටට ලැබී ඇත්තේ චීනයේ ඖෂධ සහ ඉදිකිරීම් සමාගම් දෙකකින් බවත් තවත් වසර දෙක තුනක් නොමිලේ විදෙස් රටවලින් පාසල් නිල ඇඳුම් ලබාදීමෙන් මෙරට පාසල් නිල ඇඳුම් නිෂ්පාදන කර්මාන්තශාලා වැසී ගියහොත් චීනයෙන් එම ද්‍රව්‍ය මිලදී ගැනීමට සිදුවන තත්ත්වයක් උදාවිය හැකි බවත් කුඩා හා මධ්‍ය පරිමාණ රෙදිපිළි නිෂ්පාදකයන්ගේ සංගමයේ විධායක සභික ෆෙරොස් අන්වර් මහතා ප්‍රකාශ කර සිටිනවා.

ආනයනික පැන්සල් සෞඛ්‍යයට අහිතකර බවටත් ඉන් පිළිකා වැනි රෝග ඇතිවිය හැකි බවටත් විශේෂඥ වෛද්‍යවරුන් අදහස් දක්වා ඇති වකවානුවක චීනයෙන් නොමිලේ ලබාදුන් පාසල් නිල ඇඳුම්වල සෞඛ්‍යාරක්ෂිත බවට වගකීමක් ගන්නේ කවුරුන්දැයි ප්‍රකාශ කරන ලෙස ද කොළඹ පැවැති මාධ්‍ය හමුවකට පසුගියදා එක්වෙමින් ඒ මහතා ඉල්ලා සිටියා.

රුපියලට අද සිදුවූ දේ ගැන මහ බැංකුවෙන් දැනුම්දීමක්..ඩොලරයේ අගයත් වෙනස් වෙයි..

රුපියලට අද සිදුවූ දේ ගැන මහ බැංකුවෙන් දැනුම්දීමක්..ඩොලරයේ අගයත් වෙනස් වෙයි..


පසුගිය ආණ්ඩු මගින් ඇතිකරගෙන තිබෙන ගිවිසුම් අනුව මෙරටට නොමිලේ නිල ඇඳුම් ලැබුණත් ඒවා ලැබෙන්නේ කෙසේද යන්න සම්න්ධයෙන් වත්මන් රජය සොයා බැලීමක් කළ යුතු බව ද එම රෙදි නොමිලේ ලැබුණත් ඒවා වරායෙන් මුදා ගැනීමට රුපියල් ලක්ෂ 700කට වැඩි මුදලක් වැය කර ඇති බව ද ඔහු කියා සිටියේ ය.

මේ ආකාරයෙන් තවත් වසර දෙක තුනක් නොමිලේ පාසල් නිල ඇඳුම් ලබාදුනහොත් මෙරට ඒවා නිෂ්පාදනය කරන ආයතන සම්පූර්ණයෙන් වැසී යෑමට ඉඩ ඇති බව ද පාසල් නිල ඇඳුම් තවදුරටත් නොමිලේ ලබාදිය නොහැකි බවට ඔවුන් ප්‍රකාශ කළහොත් රටට අනිවාර්යයෙන් එම පාසල් නිල ඇඳුම් මිලදී ගැනීමට සිදුවන බවද ඒ මහතා ප්‍රකාශ කළා.

2015දී බලයට පත් හිටපු ජනාධිපතිවරයා පාසල් නිල ඇඳුම් දේශීයව නිපදවන ලෙස දුන් උපදෙස් අනුව රුපියල් බිලියන ගණන් වැයකර යන්ත්‍ර සූත්‍ර මිලදී ගෙන දංකොටුව නිදහස් වෙළෙඳකලාප භූමියේ නව කර්මාන්තශාලා ඉදිකර නිෂ්පාදන සිදුනොකර බැංකුවලට ණය ගෙවමින් සිටින බවයි ඔහු කියා සිටියේ.

එම කර්මාන්තශාලා නිරීක්ෂණය කර බලන ලෙසත් දේශීය එම කර්මාන්ත යළි සක්‍රිය කිරීමට දායක වන ලෙසත් ජනපති, අගමැති සහ කර්මාන්ත ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් ඔහු කීය.

ගුවන් මගී කාන්තාවක් නීතිවිරෝධීව කළ වැඩක් අතේ මාටිටු වෙයි..

ගුවන් මගී කාන්තාවක් නීතිවිරෝධීව කළ වැඩක් අතේ මාටිටු වෙයි..


ඔහු ඉල්ලා සිටියේ, චීනයෙන් තවදුරටත් පාසල් නිල ඇඳුම් නොමිලේ ලබාදීමක් යෝජනා කර ඇතත් එම නිල ඇඳුම් ලබාදීම වෙනුවට නොමිලේ නූල් ලබාදී නොමිලේ රෙදි ලබාදීමට ඔවුන් වෙන්කර ඇති ඉතිරි මුදල් මහා භාණ්ඩාගාරයට ලබාදෙන ලෙසයි.

මහා භාණ්ඩාගාරයට ලැබෙන මුදල් අනතුරුව මෙරට දේශීය රෙදිපිළි නිෂ්පාදකයන් ආරක්ෂා කිරීමට යෙදවිය හැකි බව ද ඔහු කීය. එය සෞඛ්‍ය ඇමැතිවරයා විසින් ව්‍යාපෘතිවලට වෙන් කරන මුදල් මහා භාණ්ඩාගාරයට ලබාදෙන ලෙස කළ ඉල්ලීමට සමාන ඉල්ලීමක් බව ද ඔහු කියා සිටියා.

You May Like This Video


ReeCha