ගුවන් මගී කාන්තාවක් නීතිවිරෝධීව කළ වැඩක් අතේ මාටිටු වෙයි..
රුපියල් හැත්තෑ ලක්ෂ පනස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් තීරු බදු නොගෙවා පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවක ද සමග අද(03) අලුයම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
ඇය හෝකන්දර ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි වියේ පසුවන , පෞද්ගලික ව්‍යාපාරික ආයතනයක මූල්‍ය කළමනාකාරීවරියක් බවයි පැවසෙන්නේ.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත්තේ, ඇය විසින් රැගෙන ආ ගමන් මලු කීපය තුළ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 47,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 235 ක් සගවා ගෙන සිටියදීය.
You May Like This Video