බැංකු ගිණුම් හිමියන්ට ගහන 10% ක බද්ද අවුරුදු 18 ට අඩු අයගේ ගිණුම් වලටත් ගහයි ද?..වෙනදේ මෙන්න.

Report

බැංකු පොලියෙන් සියයට 10 ක රඳවා ගැනීමේ බද්ද අය කරනු ලබන්නේ අප්‍රේල් මස 01 වැනිදා සිට බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකශ කළේ ය .

අවුරුදු 18 ට අඩු ළමුන්ගේ බැංකු ගිණුම්වලින් පවා මෙම බද්ද අය කිරීමට රජය කටයුතු කිරීම සම්බන්ධව “ප්‍රධාන පුවත්පතක්’’ ඇමැතිවරයාගෙන් කරන ලද විමසීමකදී ඔහු මේ බව කියා තිබේ.

2025 නව වසරෙ ඔබේ ලග්නෙට කොහොම වෙයි ද ? මෙන්න සියලුම ලග්න හිමියන්ට විශේෂ දැනුම්දීමක්.(VIDEO)

2025 නව වසරෙ ඔබේ ලග්නෙට කොහොම වෙයි ද ? මෙන්න සියලුම ලග්න හිමියන්ට විශේෂ දැනුම්දීමක්.(VIDEO)


කෙසේවෙතත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (31) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

බදු නොගෙවිය යුතු ජනතාවගෙන් එම බද්ද අය කෙරෙන්නේ නම්, එය බැංකු පද්ධතිය හරහා නැවත ඔවුන්ට ලබාදීම සඳහා මුදල් අමාත්‍යාංශය බැංකු පද්ධතිය සමග සාකච්ඡා කරමින් සිටින බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

පොලියෙන් කපාගත් මුදල ලබා ගැනීමට ජනතාවට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අවශ්‍යතාවක් පැන නොනගිනු ඇතැයිද, ඊට වැඩපිළිවෙළක් සකස් කෙරෙන බවද ඇමැතිවරයා ප්‍රකාශ කළා.

නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, මෙම බද්දට යටත් වන්නේ මාසික ආදායම රුපියල් 150,000 වැඩි අය පමණක් බවයි.

අද දිවයින පුරා කාලගුණය ගැන දැනුම්දීමක්..අද ප්‍රදේශ රැසකට වැසි.

අද දිවයින පුරා කාලගුණය ගැන දැනුම්දීමක්..අද ප්‍රදේශ රැසකට වැසි.


කෙසේ නමුත්, සියලු තැන්පත්කරුවන්ගේ බැංකු පොලියෙන් සියයට 5 ක රඳවා ගැනීමේ බද්දක් ඉකුත් 2023 වසරේ ජනවාරි මස පළමුවැනිදා සිට අය කරනු ලබයි.

එය වර්තමාන රජය විසින් සියයට 10 ක් දක්වා ඉහළ දමනු ලැබීය.

You May Like This Video