පිරිවෙන් අධ්‍යාපන ආයතනවල ගිහි - පැවිදි ශිෂ්‍යයන්ට ජනපති ප්‍රධානත්වයෙන් ශිෂ්‍යත්ව...

Ministry of Education Ranil Wickremesinghe Education Buddhism Presidential Update
By Parami Dissanayake Jul 23, 2024 02:13 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

හෙට (24) පිරිවෙන් හා සීල මාතා අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා හා සීල මාතාවන්ට මෙන්ම ගිහි සිසුන් සඳහා ජනාධිපති අරමුදලින් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහන යටතේ ගිහි පැවිදි සිසුන් 3000කට ශිෂ්‍යත්ව ප්‍රදානය සිදු කිරීමට නියමිතව ඇත.

හෙට පස්වරු 3.00ට අරලියගහ මන්දිරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම සිදු කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.

මෙතෙක් මෙරට කිසිදු අවස්ථාවක පිරිවෙන්වල ඉගෙනුම ලබන ගිහි පැවිදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් දිරිමත් කෙරෙන ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වී නොමැත.

සිවිල් නඩු විධාන පනත සම්මත වේ...

සිවිල් නඩු විධාන පනත සම්මත වේ...

සාමාන්‍ය පෙළ දක්වා පිරිවෙන් අධ්‍යාපනය ලබන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා සීල මාතාවන් හා අ.පො.ස (සාමාන්‍ය පෙළ) දක්වා ඉගෙනුම ලබන ගිහි ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් මසකට රුපියල් 3000/-බැඟින් මාස 12 ක කාලයක් සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීම මෙහිදී සිදු වීමට නියමිත ය.

එමෙන් ම, හිඟ ශිෂ්‍යත්ව වාරික මුදල්ද සමඟ හෙට දින මෙම සිසුන්ගේ ගිණුම්වලට රුපියල් 9000/-ක් සෘජුවම බැර කිරීමටත් එතැන් සිට මසකට රුපියල් 3000/-බැගින් ගෙවීම් කිරීමටත් කටයුතු සිදු කෙරේ.

එමෙන්ම පිරිවෙන් අපොස (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිට විභාගය සමත්ව පිරිවෙන් ප්‍රාචීන විභාගය සඳහා හෝ අපොස (උසස්පෙළ)විභාගය සඳහා පෙනී සිටින ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා, සීල මාතාවන් හා ගිහි ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් විභාගයට පෙනී සිටින මාසය තෙක් මසකට රුපියල් 6000/- බැගින් මාස 24 ක කාලයක් සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමට ද නියමිත ය.

එහිදී ද හිඟ ශිෂ්‍යත්ව වාරික මුදල්ද සමඟ ශිෂ්‍යත්ව ප්‍රදානොත්සවය පැවැත්වෙන දින මෙම එක් එක් ශිෂ්‍යත්වලාභියාගේ ගිණුමට රුපියල් 18,000/-ක මුදලක් එකවර බැර කිරීමට කටයුතු සූදානම් කර ඇති බව සඳහන් ය.

ඉතියෝපියාවේ නාය යාමෙන් මිය ගිය සංඛ්‍යාව 146ක් දක්වා ඉහළට...

ඉතියෝපියාවේ නාය යාමෙන් මිය ගිය සංඛ්‍යාව 146ක් දක්වා ඉහළට...


මෙම ශිෂ්‍යත්ව ප්‍රදානයට අදාල සියලුම ශිෂ්‍යත්වලාභීන් තෝරාගෙන ඇත්තේ එක් එක් පිරිවෙනේ පරිවේණාධිපති හිමියන් /ආයාතනාධිපති හිමියන්ගේ පූර්ණ දායකත්වයෙන් වන අතර සියලු කටයුතු අධීක්ෂණය කර ඇත්තේ අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන පිරිවෙන් අධ්‍යාපන අංශ මගින් බව සඳහන් ය.

මෙම ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා ජනාධිපති අරමුදලෙන් වසරකට වෙන් කෙරෙන මුදල රුපියල් මිලියන 300කට ආසන්න වන බව සඳහන් වේ.

ReeCha