රටම හැඩවූ වත්තේගමදී 3 හැවිරිදි සිඟිත්තියට කළ අමානුෂික වධහිංසාව - පියා හඬාවැටෙමින් සමාජ මාධ්‍ය හමුවේ සැබෑ කතාව හෙළි කරයි

By Kanchana Aug 16, 2026 05:49 AM GMT
Report

 මුළු ලංකාවම කම්පනයට පත් කළ අතිශය ඛේදනීය සිදුවීමක් පසුගියදා වත්තේගම ප්‍රදේශයෙන් වාර්තා විය. ඒ, වයස අවුරුදු තුනහමාරක් වූ කුඩා දැරියකට ඇයගේම මව සහ මවගේ අනියම් සැමියා විසින් අමානුෂික ලෙස පහර දී, ගිනි තබා කසළ ගොඩකට විසි කර යාමේ සිදුවීමයි

මේ   ගැන හැමෝම කතා කළා

ෆාතිමා රයිසා නමැති මෙම අහිංසක මල් කැකුළට අත් වූ මේ අවාසනාවන්ත ඉරණම පිළිබඳව ඇයගේ සැබෑ පියා වන මොහොමඩ් රාසික් මහතා හඬා වැටෙමින් සමාජ මාධ්‍ය ඉදිරියේ සියල්ල හෙළි කළේය.


මේ ඔහුගේ සැබෑ පියා හෙළිකරන සැබෑ කතාවයි

''  මගේ නම මොහොමඩ් රාසික්. මම ඉස්සර ත්‍රීවි හයර් කරනවා . එහෙම හම්බෙලා යාලුවෙලා තමා බැන්දේ . එයත් කුරුනෑගල මමත් කුරුණෑගල අපි බැදලා ගෙවල් හදලා තමයි මෙහෙට ආවෙ . පුතාට අවුරුදු 12 යි දුවට 3 හමාරයි පත්තරවල දාලා නම වෙනස් කරලා තමයි ආගමට ගත්තේ. අපි විවාහ වෙලා අවුරුදු විසි තුනක් විතර වෙනවා. අපිට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ලොකු පුතාට දැන් වයස අවුරුදු දොළහයි. මේ අමානුෂික වධහිංසාවට ලක් වුණු මගේ චූටි දුවට වයස අවුරුදු තුනහමාරයි. අපි හිඟුල, දෙල්ගහගොඩ ප්‍රදේශයේ පොඩි කාමරයක් හදාගෙන තමයි මේ ජීවිතය ගැටගහගත්තේ.

එයාගෙ ඉස්සරවෙලා නම විස්වලිංගම් කනකවල්ලි .

මම කුලී වැඩ තමයි කළේ . මම එන්නේ මාසෙකින් වගේ . ඔහොම ඉන්නැද්දී තමයි මට කෝල් එකක් ආවෙ ළමයි තනියම . ගෑනි වෙන කෙනෙක් එක්ක පාළු ගෙදරක ඉන්නවා කියලා .අයිස් පැකට් යෝගට් ඒම දීලා ටීවී බලන්න ළමයා තියලා ගිහින්

ඇයට රජයෙන් මාසෙට රුපියල් දහඅට දහසක අස්වැසුම දීමනාවක් ලැබෙනවා.ඒ වගේම ඇය සණස බැංකුවෙන් සහ ගමේ විවිධ අයගෙන් ලක්ෂ ගණනින් ණය අරගෙන තියෙනවා. මේ කිසිම මුදලක් ඇය දරුවන්ගේ කෑම බීමවලටවත්, ගෙදර වියදමටවත් පාවිච්චි කළේ නැහැ.

මේ හැම සතයක්ම ඇය වියදම් කළේ අර හොර මිනිහාගේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරයටයි. ඔහු කොළඹ ගිහින් කුඩු, අයිස් ගෙනත් බිස්නස් කරනවා. ඇයත් ඒවට උදව් කරනවා.

මම මේ ගැන ඇහුවම මට බැනලා රණ්ඩු වෙනවා. අඩුම තරමේ ඒ සල්ලිවලින් මට තේ එකක්වත් බොන්න දීලා නැහැ. මුළු පවුලම විනාශ වෙලා ගියේ මේ මත්ද්‍රව්‍ය සහ ඇයගේ මේ පාලනයක් නැති කාම ආශාව නිසයි කියා මා දැන් දැඩිව පසුතැවෙනවා. පසුගියදා

මේ දෙන්නා එකතු වෙලා මගේ දුවට මේ කරපු අපරාධය මට කවදාවත් අමතක වෙන්නේ නැහැ.

එයාලා ත්‍රීවීල් එකකින් දුවව වත්තේගම ප්‍රදේශයට අරගෙන ගිහින් තියෙනවා.යන අතරමඟදී , ලී මුගුරුවලින් දුවගේ මුළු ඇඟටම ගහලා . කටත් පුච්චලා දුව කෑගහලා අඬලා තියෙනවා බේරන්න කියලා. නමුත් ඒ රිසන්නුන්ට දරුවා ගැන කිසිම අනුකම්පාවක් දැනිලා නැහැ. ඊට පස්සේ රෙදි කෑල්ලකින් දුවගේ කට ගැටගහලා තියෙනවා කෑගහන්න බැරි වෙන්න. මේ තරම් කුඩා දරුවෙකුට මේ වගේ වධ දෙන්න තරම් ඔවුන්ගේ සිත් කෙතරම් නම් ගල් වෙලා තිබුණාද කියා මට හිතාගන්නවත් බැහැ. දුව මේ වෙද්දී ඉන්නේ රෝහලේ ප්‍රතිකාර ලබමින්

රටම කතා කළ වත්තේගම දැරිය -ත්‍රිරෝද රථයෙන් ඇවිත් මහපාරට දමාගිය දැරියගේ මව හාලිඇලදී කොටු

රටම කතා කළ වත්තේගම දැරිය -ත්‍රිරෝද රථයෙන් ඇවිත් මහපාරට දමාගිය දැරියගේ මව හාලිඇලදී කොටු

මේ වෙලාවේ මට ලොකුම උදව්වක් කළේ ප්‍රදේශයේ සමාජ සේවකයෙක් වන අමීනුල්ලා මහත්මයා. ඔහු තමයි අන්තර්ජාලය හරහා මේ පින්තූර දැකලා, වට්ස්ඇප් ගෲප්වලට යවලා මාව හොයාගත්තේ. ඔහු මධ්‍යම රාත්‍රිය වෙනකන් අවදියෙන් ඉඳලා පල්ලියේ සභාපතිතුමා මාර්ගයෙන් මාව සම්බන්ධ කරගත්තා. ඔහු පොලිසියටත් මේ ගැන සියලුම තොරතුරු ලබා දීලා ලොකු සහයෝගයක් දුන්නා.

ඒ වගේම දරුවාව බලාගන්න කවුරුත් නැත්නම් දරුවාගේ අධ්‍යාපනය ඇතුළු සියලු දේවල් භාරගන්නත් ඔහු කැමැත්ත ප්‍රකාශ කළා. ඔහු වගේ යහපත් මිනිස්සු මේ සමාජයේ ඉන්න එක ගැන මට ඇත්තටම ලොකු සතුටක් වගේම ගෞරවයක් තියෙනවා. දැන් ගොඩක් අය මගෙන් අහනවා දරුවාව වෙනත් කෙනෙකුට හදාගන්න දෙනවද කියලා. සමහර අම්මලා කියනවා එයාලා දරුවාව හොඳට බලාගන්නම්, පල්ලි යවන්නම්, ඉස්කෝලේ යවන්නම් කියලා.

නමුත් මම කෙළින්ම පොලිසියටත් කිව්වා මගේ පණ තියෙනකන් මම මගේ දරුවාව වෙන කාටවත් දෙන්නේ නැහැ කියලා. දුව මට ඕනේ. මම කම්කරු වැඩ කරලා හරි, කුලී වැඩ කරලා හරි මගේ දරුවෝ දෙන්නාව ජීවත් කරවනවා. මට මේ වෙලාවේ ආර්ථික අපහසුතා ගොඩක් තියෙනවා. මම මගේ දරුවන්ව රකිනවා, මගේ එකම බලාපොරොත්තුව ඔවුන්ට හොඳ අනාගතයක් ලබා දෙන එක මට දැන් තියෙන එකම බලාපොරොත්තුව මේ කරපු අමානුෂික අපරාධයට ඒ දෙන්නටම නීතියෙන් උපරිම දඬුවම් ලැබෙනවා දකින එකයි.   ''