රට පුරා හදිසි තත්ත්වයකට මුහුණදීමට ආරක්ෂක අංශ වලට ජනපති බලය පවරයි..මේ දින ගැන අවධානයෙන් ඉන්න.

Sri Lanka Police Election Commission of Sri Lanka Ranil Wickremesinghe Ministry of Defense Sri Lanka Election
By Aruna Sep 15, 2024 01:43 AM GMT
Aruna

Aruna

Report

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනයේ හා ප්‍රතිඵල ප්‍රකාශයට පත් කෙරෙන අවස්ථාවේදී රට තුළ ඇතිවිය හැකි ඕනෑම හදිසි තත්ත්වයකට මුහුණදීම සඳහා පොලිසිය හා ත්‍රිවිධ හමුදාව ඒකාබද්ධ කර ‘හදිසි සැලැස්මක්’ සකස් කිරීමට ජනාධිපතිවරයා විසින් ආරක්ෂක ප්‍රධානීන් වෙත බලය පවරා ඇතැයි වාර්තා වනවා.

ඊට හේතු වී ඇත්තේ හදිසි තත්ත්වයක් ඇතිවිය හැකි බවට ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී ආරක්ෂක අංශ ප්‍රධානීන් ජනාධිපතිවරයාට පෙන්වා දීමයි.

අද චන්ද්‍රයාගේ බලපෑම අනුව ඔබේ ලග්නයට කොහොමද..සියලු පලාඵල විස්තර මෙතනින් දැනගන්න.

අද චන්ද්‍රයාගේ බලපෑම අනුව ඔබේ ලග්නයට කොහොමද..සියලු පලාඵල විස්තර මෙතනින් දැනගන්න.


අනතුරුව ජනාධිපතිවරයා සේනාධිනායකයා ලෙස මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව ඇතිවිය හැකි ඕනෑම හදිසි තත්ත්වයකදී පොලිසියේ සහායට හමුදාව යෙදවීම හා හදිසි තත්ත්වයකදී හමුදාවට බලතල භාවිත කළ හැකි ආකාරය පිළිබඳව නීතිපති උපදෙස් ගැනීමට ද පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

තවද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා සමග ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා තිබේ.

හදිසි ආරක්ෂක සැලැස්ම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා යටතේ ත්‍රිවිධ හමුදාපතිවරුන් හා පොලිස් ප්‍රධානින්ගේ ප්‍රධානත්වයෙන් සකස් කිරීමට නියමිතව ඇති බවයි පැවසෙන්නේ.

ඉදිරි පැය 24 ගැන කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්..

ඉදිරි පැය 24 ගැන කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්..


ඒ සඳහා වූ විශේෂ සාකච්ඡාවක් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ත්‍රිවිධ හමුදාපතිවරු හා මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් ලබන 18 වැනිදා ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්වීමට නියමිතය.

ඉන් පසු ගනු ලබන තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපතිවරණයට පෙර හදිසි ආරක්ෂක මණ්ඩල රැස්වීමක් ද පැවැත්වීමට නියමිතය.