සාරියක් බෙල්ලේ පැටලී සිරවීම නිසා සදහටම දෙනෙත් පියාගත් සයුරංග...
By Parami Dissanayake
14 හැවිරිදි පාසල් දරුවෙකුට අවාසනාවන්ත ලෙස දිවි අහිමි වූ පුවතක් වැල්ලම්පිටිය මීතොටමුල්ල ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.
එලෙස මියගොස් ඇත්තේ, මීතොටමුල්ල පන්සල්හෙන පදිංචි ව සිටි සයුරංග සඳමිණ වීරක්කොඩි නම් 14 හැවිරිදි දරුවෙක්.
සාරියක් පැටලී බෙල්ල සිරවීමෙන් ඔහු මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දී ඇති බවයි වැල්ලම්පිටිය පොලිසිය සඳහන් කර සිටියේ.
මේ සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.