රෝහලේ කොටු වූ ගැබිණි මව්වරුන් සහ රෝගීන් උඩු ගුවනින් බේරා ගත් මෙහෙයුම.
ගාල්ල නෙළුව ප්‍රදේශයේ ගංවතුරට කොටු වූ පිරිසක් බේරා ගැනීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව බෙල් 412 හෙලිකොප්ටර් යානයක් යොදවා තිබුනා.
මේ අතර නෙළුව රෝහලට ඇතුළු වන සියලුම මාර්ග ජලයෙන් යටවී ඇති බැවින් ගාල්ල නෙළුව රෝහලේ හදිසි ප්‍රතිකාර අවශ්‍ය සියලුම ගැබිණි මව්වරුන් සහ රෝගීන් උඩුගම රෝහල වෙත ගුවන් මගින් රැගෙන යාමට ඊයේ පියවර ගත් බව විශේෂඥ වෛද්‍ය අමිල චන්ද්‍රසිරි මහතා සඳහන් කළා.
{VSHIPX2}
එමෙන්ම ගාල්ල වැඩබලන දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවේ, තවලම, නෙළුව, උඩුගම සහ හිනිඳුර්න විපතට පත් ජනතාව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ යුධ හමුදාවේ සහන කණ්ඩායම් බෝට්ටු සහ ආරක්ෂක ආම්පන්න සමඟ යොදවා ඇති බවයි.