මගේ දරුවාගේ මිනීමරුවා මම දන්නවා - සත්සර නිමේෂ්ගේ මව

By Ashfa Apr 29, 2025 09:35 AM GMT
Report

වැලිකඩ පොලිසිය භාරයේ සිටියදී මියගිය සත්සර නිමේෂ් නමැති තරුණයා සම්බන්ධයෙන් සාධාරණයක් ඉටු වනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව නිමේෂ්ගේ මව සදහන් කරනවා.

නළුවෙක් ලෙස සමාජගත වී සිටින ප්‍රියන්ත විජේකෝන් නැමැත්තා මෙම ඝාතනයට ප්‍රධාන සැකකරුවෙක් බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මව සඳහන් කරන්නේ.

සිය දරුවා ඝාතනයට ලක් වූ දිනයේ දරුවාව රැගෙන ගොස් ඇත්තේ එම පුද්ගලයාගේ වාහනයේ බවද, ඔහු මේ සම්බන්ධයෙන් සියලු තොරතුරු දන්නා බවද ඇය චෝදනා කරනවා.

සිය දරුවා ‘කුඩු කාරයෙක්’ වුවත්, වෙනත් පුද්ගලයෙක් වුවත්, ඔහු ඝාතනය කළ නොහැකි බවයි සත්සර නිමේෂ‍්ගේ මව වැඩිදුරටත් අදහස් දක්වන්නේ.

ලබන 3වැනිදා මධ්‍යම රාත්‍රියෙන් සියල්ල අවසන් කරන ලෙස දැනුම් දෙයි!

ලබන 3වැනිදා මධ්‍යම රාත්‍රියෙන් සියල්ල අවසන් කරන ලෙස දැනුම් දෙයි!