සතොස අද සිට සීනි, පරිප්පු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 18ක මිල ගණන් අඩු කරයි
By Kaushi
ලංකා සතොස ආයතන මඟින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 18ක මිල ගණන් අඩු කිරීමට තීරණය කර ඇත. එබැවින් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ අද (10) දින පටන් මෙම නව මිල ගණන් ක්‍රියාත්මක වේ.
එසේ අඩුවන මිල ගණන් අතරට ලොකු ලූනු, සුදු සීනි, පරිප්පු, කවුපි, කඩල, මුං ඇට, රට කජු, තිරිඟු පිටි, රතු කැකුළු සහල්, රතු නාඩු සහල්, සම්බා සහල්, සුදු නාඩු සහල්, පොන්නි සම්බා ඇතුළු ඇතුළු භාණ්ඩ වර්ග 18ක් පවතින බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
එමෙන්ම අමාත්‍යාංශය සඳහන් කළේ මැදපෙරදිග යුදමය තත්ත්වය නිසා උද්ගතව ඇති ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ මෙරට ජනතාවට සහන සැලසීම අරමුණු කරගනිමින් රජයේ මැදිහත්වීම මත මෙම භාණ්ඩවල මිල අඩු කිරීමට තීරණය කර ඇති බවයි.
0082 ලංකා සතොස අත්_යවශ්_ය ආහාර ද්_රව්_ය 18ක මිල අඩුකරයි by madhushani