භාණ්ඩ මිල අඩු කිරීමට ආණ්ඩුව විශේෂ තීරණයක් ගනී..රට පුරා කරන්න යන දේ මෙන්න.
Sri Lanka
Lanka Sathosa
Businessman
Wasantha Samarasinghe
By Aruna
පාරිභෝගික භාණ්ඩවල මිල පාලනය කිරීම සඳහා මෙන්ම පාරිභෝගික ජනතාවට සහන සැලසීම සඳහාත් රට පුරා සතොස වෙළෙඳසැල් දහසක් දක්වා වැඩි කිරීමට කටයුතු කරන බව වෙළෙඳ හා වාණිජ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා.
ඒ අනුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, 2025 වසරේ සතොස වෙළෙඳසැල් 150 කට වැඩි ප්‍රමාණයක් පාරිභෝගිකයන්ට සේවා සැපයීම සඳහා අලුතින් ආරම්භ කිරීමට සූදානමින් සිටින බවයි.
පසුගිය මාස 03 තුළ භාණ්ඩ මිල 17% කින් අඩු කිරීමට රජයට හැකිවූ බවයි අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් අවධාරණය කළේ.
You May Like This Video