සජබයෙන් ෆොන්සේකා ඉවත්වීමත් සමඟ පක්ෂයට සිදුවන දේ..

Report

පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී අලවතුවල ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීම සමගි ජනබලවේගයට විශාල ශක්තියක් බවයි.

සරත් ෆොන්සේකා දේශපාලනයට නොගැලපෙන පුද්ගලයෙක් බවත් සරත් ෆොන්සේකා මහතා යුද්ධයට ජනරාල්වරයෙකු වුවත් ඔහු දේශපාලනයේදී කොප්ප්‍රල් කෙනෙකුගේ තරම්වත් දැනුමක් නැති බවයි, මන්ත්‍රීවරයා කියා සිටියේ.

අද (09) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්, ඔහු මේ බව පැවසුවා.

ඡන්ද කාලයේ සමාජ මාධ්‍ය ගැන ගත් විශේෂ තීරණය..අදාළ ආයතනත් සහයෝගය දීමට සැරසෙයි..

ඡන්ද කාලයේ සමාජ මාධ්‍ය ගැන ගත් විශේෂ තීරණය..අදාළ ආයතනත් සහයෝගය දීමට සැරසෙයි..

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රී ජේ. සී අලවතුවල..

‘‘ඒ වගේම සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා සමගි ජනබලවේගයේ සභාපතිධුරයෙන් ඉවත් වෙලා තිබෙනවා. සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා සමගි ජනබලවේගයෙ තරඟ කරලා තමයි පාර්ලිමේන්තුවට ආවේ. ඒ අනුව සමගි ජනබලවේගයේ සභාපතිධුරට සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයාට දෙන්න සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කරලා තිබෙනවා.

නමුත් ඔහු සමගි ජනබලවේගයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් දිගින් දිගටම පක්ෂයට සහ නායකත්වය විවේඡනය කළා. ඒ වගේම සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයාට දේශපාලන ගැලපෙන්නේ නෑ. සරත් ෆොන්සේකා යුද්ධයට ජනරාල් කෙනෙක් වුණාට ඔහුට දේශපාලනයේදී කොප්ප්‍රල් කෙනෙක් තරම්වත් දැනුමක් නෑ. ගුණමකු දේශපාලනයක් තුළ පැවැත්මක් නෑ. ඔහු ඉවත් වුණ එක පක්ෂයට විශාල ශක්තියක්" යැයි මන්ත්‍රී ජේ. සී අලවතුවල වැඩිදුරටත් කියා සිටියා.