ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට ඇප තබයි..!

Sarath Fonseka Election Latest Headlines Sri Lanka Presidential Election 2024
By Sewvandhi Aug 05, 2024 08:46 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අද (05) 2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර තිබේ.

මීට සුළු වේලාවකට පෙර වෘත්තීයවේ දී ධම්මික රත්නායක මහතා විසින් එම ඇප මුදල් තැන්පත් කර ඇත.  

හිටපු JVP සාමාජිකයෙක් ජනපතිවරණයේ ඡන්ද අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වෙයි..!

හිටපු JVP සාමාජිකයෙක් ජනපතිවරණයේ ඡන්ද අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වෙයි..!

මේ අතර, ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ඒ සඳහා පත්කළ කමිටුව සැලසුම් කර තිබේ.

ඒ අනුව ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදීමෙන් අනතුරුව සියලු අපේක්ෂකයින් වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට කමිටුව විසින් සැලසුම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක පවසයි.

"..මේ අයට සමගි ජන බලවේගයේ කිසිදු ඉඩක් නෑ.." විපක්ෂ නායකවරයා දැඩි තීරණයක..

"..මේ අයට සමගි ජන බලවේගයේ කිසිදු ඉඩක් නෑ.." විපක්ෂ නායකවරයා දැඩි තීරණයක..

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් ගිවිසුම් යම්කිසි පාර්ශ්වයක් කඩ කළහොත් රටට නැවත කිසිදු ආධාරයක් ලබාගත නොහැකි වන බවයි.

රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් විසින් මඩකලපුව ප්‍රදේශයේ සංවිධාන කළ ජන හමුකට එක්වෙමින්, ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

මේ අතර මඩකලපුව දිස්ත්‍රික්කයේ වෘත්තියවේදීන් සිවිල් සංවිධාන ක්‍රීයාකාරීන් සහ නීති සංගමයේ පිරිසක් ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වී සාකච්ඡාවක නිරත වී තිබෙනවා.