ආණ්ඩුවට ඩයස්පෝරාව දුන්න මුදල්වලටයි, ඡන්දවලටයි හිලව්වෙන්න රණවිරු බිල්ලක් ඉල්ලලා - සංජීව එදිරිමාන්නගෙන් හෙළිදරව්වක්

Report

බෙදුම්වාදයට මූලිකව කටයුතු කරන ඩයස්පෝරාව විසින් වත්මන් ආණ්ඩුව බලයට පත් කිරීම සඳහා අතිවිශාල ලෙස මුදල් සහ ඡන්ද ප්‍රතිශතයන් ලබාදී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පවසයි.

ඊයේ ( 08) වැනිදා මාධ්‍ය වෙත විශේෂ අදහස් දක්වමින් හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ, මැතිවරණ සමයේදී ඩයස්පෝරාව විසින් සිදු කරන ලද එම උපකාර සහ දායකත්වයන් වෙනුවෙන් ඔවුන් වත්මන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ පාලනයෙන් සෘජුවම රණවිරු බිල්ලක් ඉල්ලා සිටින බවයි.

සලේව රෝහල් ගතකළ බව CIDය අධිකරණයට දැනුම්දෙයි

සලේව රෝහල් ගතකළ බව CIDය අධිකරණයට දැනුම්දෙයි

ඒ අනුව මේ වන විට රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාව සිරගත කර මරණ මංචකය ළඟටම රැගෙන ගොස් රජය විසින් සිදු කිරීමට සැරසෙන්නේ විදේශීය ඩයස්පෝරාව විසින් මෙරටින් ඉල්ලා සිටින ලද එම දරුණු රණවිරු බිල්ල නිල වශයෙන් ලබාදීම බවට ද ඔහු බරපතළ චෝදනාවක් එල්ල කළේය.

වත්මන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ආණ්ඩුවට ඩයස්පෝරාවේ වුවමනාව මත මෙම වීරෝදාර රණවිරු බිල්ල කිසිසේත්ම ලබාදීමට රට තුළ ඉඩ නොදිය යුතු බවත්, ඒ වෙනුවෙන් මාතෘභූමිය කෙරෙහි සැබෑ හෘද සාක්ෂියක් ඇති සියලුම දේශප්‍රේමී මිනිසුන් වහාම පෙරමුණ ගත යුතු බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා වැඩිදුරටත් දැඩිව අවධාරණය කර සිටියේය.

කොළඹ කොටුව නොසන්සුන් වෙයි - සලේ වෙනුවෙන් ඉදිවූ අට්ටාලය පොලීසිය ඉවත් කිරීමට යෑමෙන් සත්‍යග්‍රහය උණුසුම් වෙයි

කොළඹ කොටුව නොසන්සුන් වෙයි - සලේ වෙනුවෙන් ඉදිවූ අට්ටාලය පොලීසිය ඉවත් කිරීමට යෑමෙන් සත්‍යග්‍රහය උණුසුම් වෙයි