වසර 08කට සිර දඬුවම් ලැබුණ සුපිරි ක්‍රිකට් තරුව - ඒ කවුද දන්නව ද?. (PHOTOS)

Report

නේපාල ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක Sandeep Lamichhane හට එරට අධිකරණයක් විසින් සිරදඬුවම් ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

වසර 08කට සිර දඬුවම් ලැබුණ සුපිරි ක්‍රිකට් තරුව - ඒ කවුද දන්නව ද?. (PHOTOS) | Sandeep Lamichhane Sentenced To 8 Years In Prison

මෙලෙස සිරදඬුවම් නියමව ඇත්තේ වසර 8ක් සඳහා ය.

18 හැවිරිදි වියේ පසු වූ තරුණියක් දූෂණයට ලක්කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබිණ.

වසර 08කට සිර දඬුවම් ලැබුණ සුපිරි ක්‍රිකට් තරුව - ඒ කවුද දන්නව ද?. (PHOTOS) | Sandeep Lamichhane Sentenced To 8 Years In Prison

නඩු විභාගයෙන් අනතුරුව කත්මන්ඩු අධිකරණය විසින් මෙම නියෝගය ලබා දී තිබෙනවා.

එමෙන්ම, අදාළ තරුණියට නේපාල මුදලින් රුපියල් ලක්ෂ දෙකක වන්දියක් ගෙවන ලෙසට ද නියෝග කර ඇත.

තව ද, රුපියල් ලක්ෂ 3ක දඩයක් ද පනවා ඇති බව වාර්තා වේ.

ඔහුට එරෙහිව චෝදනා එල්ල වූයේ 2022 වර්ෂයේ අගෝස්තු මාසයේ දී ය.

වසර 08කට සිර දඬුවම් ලැබුණ සුපිරි ක්‍රිකට් තරුව - ඒ කවුද දන්නව ද?. (PHOTOS) | Sandeep Lamichhane Sentenced To 8 Years In Prison

ඒ වනවිට කොදෙව් දේශයේ ලීග් ක්‍රීකට තරගාවලියට එක්ව යළි නේපාලය බලා පැමිණි අවස්ථාවේ ඔහුව අත්අඩංගුවට ගැණින.

කෙසේ වෙතත්, ඔහුට ඇප හිමි වූ අතර ඇප මත සිටින අතරතුර නැවතත් ඔහු එරට ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කළේ ය.

Sponsored By Sarrita Jewellery

වසර 08කට සිර දඬුවම් ලැබුණ සුපිරි ක්‍රිකට් තරුව - ඒ කවුද දන්නව ද?. (PHOTOS) | Sandeep Lamichhane Sentenced To 8 Years In Prison