සනත් ජයසූරියට ලැබුණු අලුත් තනතුර
Sanath Jayasuriya
Cricket
Sri Lanka Cricket
By Dhananjaya
පසුගිය දිනවල ජාතික කණ්ඩායම සහ වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම පසුගිය තරගාවලිවල ලද ලැජ්ජා සහගත පරාජයන් හේතුවෙන් දැඩි පසුබෑමකට ලක්විය.
ආසියානු කුසලානයේ මෙන්ම 2023 ලෝක කුසලානයේ දී ජාතික කණ්ඩායම ලැජ්ජා සහගත පරාජයන්ට මුහුණ දුන් අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවට ශූරයන්ගේ කුසලානයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව අහිමි විය.
ඒ අනුව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් උපදේශකවරයෙකු ලෙස පත් කර තිබේ.
ඔහුගේ පත්වීම වහාම ක්‍රියාත්මක වන පරිදි සිදු කිරීමත් සමඟ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානය සමඟ සෘජුව කටයුතු කරනු ඇත.
ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ කාර්ය සාදන මධ්‍යස්ථානය යටතට ගැනෙන සියලුම කණ්ඩායම් සනත් ජයසූරිය විසින් අධීක්ෂණය කිරීම සිදු කරනු ඇත.
