අපේක්ෂකයින් සියල්ලන් පුදුම කරමින්, සජිත් පිලේ අද වෙන දෙය මෙන්න..
අද (13) දිනයේ දී, ඉදිරි ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළකිරීම වෙනුවෙන් සමගි ජන සන්ධානයට තවත් දේශපාලන පක්ෂ 20කට ආසන්න ප්‍රමාණයක් එක්වීමට නියමිතව බව වාර්තා වේ.
ඒ බව සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කළේ ය.
මෙරට ඉතිහාසයේ වැඩිම පක්ෂවලින් සමන්විත සන්ධානය සමගි ජන සන්ධානය බව ඒ මහතා පැවසීය.
ඒ අනුව ඉදිරියේ දී ද තවත් පක්ෂ සහ කණ්ඩායම් සිය සන්ධානය සමඟ එක්වීමට නියමිත බව රංජිත් මද්දුම බණ්ඩාර මන්ත්‍රීවරයා සඳහන් කළේය.
කෙසේ වෙතත්, වැඩිදුරටත් ඒ මහතා කියා සිටියේ මෙවැන්නකී,
"පහුගිය 8 වෙනිදා මේ රටේ බිහිවුණ ශක්තිමත්ම සන්ධානයක් පිහිට වුවා. අපිත් සමග තවත් ක්‍රියාකාරී දේශපාලන පක්ෂ 20කට වැඩි ප්‍රමාණයක් සන්ධානගත වෙනවා. මේක දිගින් දිගටම සිදුවෙයි. ඉතිහාසයේ මේ රටේ ශක්තිමත්ම ආණ්ඩුව පිහිටුවන්න, ශක්තිමත්ම ජනාධිපතිවරයා පිහිටුවන්න මේ තුළින් අපිට අවකාශය ලැබෙනවා."