එකවරම වැටුප් වැඩි කිරීම නිසා සේවකයින්ට දැඩි කොන්දේසි පනවයි..

Report

රජය මගින් ගැසට් පත්‍රයක් නිකුත් කරමින් වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු 1700 දක්වා වැඩි කිරිමට ගත් තීරණය අනුව, කොටගල වැවිලි සමාගමට අයත් කොටගල යුනිෆිල්ඩ් වතුයායේ වතු පාලන අධිකාරිය විසින් වතු කම්කරුවන්ට දැඩි කොන්දේසි පැනවිම හේතුවෙන් එම වතුයායේ වතු කම්කරුවන් පිරිසක් ඊයේ (21) දින විරෝධතාවයක නියැලී තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වතු කම්කරුවන්ට රු 1700 ක දෛනික වැටුපක් ගෙවන ලෙසට වතු සමාගම් වලට ගැසට් පත්‍රයක් මගින් දැනුම් දීමෙන් පසු තම වතුයායේ වැඩ කරන පිරිමි වතු කම්කරුවන්ට දෛනික වැටුපට වැඩ ලබා නොදි එම වැඩ කටයුතු කොන්ත්‍රාත් පදනම මත සිදු කරන ලෙසට උපදෙස් ලබා දි ඇති බවයි,යුනිෆිල්ඩ් වතුයායේ පිහිටි වතු කාර්යාලය ඉදිරිපිටට එක්රැස් වු වතු කම්කරුවන් විරෝධතාවයේ නියැලෙමින් කියා සිටියේ.

විනාඩි 90ක් තුළ මිලියනයක් ග්‍රාහකයින් ආ ලෝක වාර්තාව මෙන්න..සියලුම වීඩියෝ මිලියන ගණන් බලයි.

විනාඩි 90ක් තුළ මිලියනයක් ග්‍රාහකයින් ආ ලෝක වාර්තාව මෙන්න..සියලුම වීඩියෝ මිලියන ගණන් බලයි.


විරෝධතාවයේ නියැලුණු වතු කම්කරුවන් කියා සිටියේ, කොන්ත්‍රාත් පදනම මත වැඩ කිරීමේදි දිනකට රු දහසක වැටුපක් පමණක් ලැබෙන බවත්, එම වැටුපට ඊ.ටි.එෆ් සහ ඊ.පි.එෆ් මුදල එකතු නොවන බවයි.

වතු පාලන අධිකාරිය විසින් පනවා ඇති දැඩි කොන්දේසි වලට එරෙහිව එම වතුයායේ වතු කම්කරුවන් 20 වන දින සිට වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති බවත්, එම වැඩ වර්ජනය හමුවේ වතු පාලන අධිකාරිය මගින් පිටතින් වතු කම්කරුවන් තම වතුයායට රැගෙනවිත් කොන්ත්‍රාත් පදනම මත වතුයායේ වැඩ කටයුතු සිදු කරන බවයි වාර්තා වන්නේ.

වතු කම්කරුවන් කියා සිටියේ, තේ දළු නෙලන වතු කම්කරු කාන්තාවක් දෛනික රු 1000 ක වැටුපකට අමු තේ දළු කිලෝ 20 ක් නෙලිය යුතු බවත්, මේ දිනවල තේ දළු අස්වැන්න අඩු නිසා නෙලන තේ දළු ප්‍රමාණයට පමණක් එක් අමු තේ දළු කිලෝවකට රු 40 බැගින් වතු පාලන අධිකාරිය විසින් ගෙවිම් කටයුතු සිදු කරන නිසා මෙතෙක් ගෙවු රු දහසේ වැටුපද තමන්ට අහිමි වී ඇති බවයි.

ජනාධිපති අපේක්ෂකයින්ගේ වත්කම් ගැන දැනගන්න ඔයත් ආසයි නම් මෙතනින් බලන්න..

ජනාධිපති අපේක්ෂකයින්ගේ වත්කම් ගැන දැනගන්න ඔයත් ආසයි නම් මෙතනින් බලන්න..


කාන්තාවන් තේ දළු නෙලීමටත්, පිරිමි පුද්ගලයන් වතුයායේ අනෙකුත් දෛනික වැඩ කටයුතුවලට කොන්ත්‍රාත් පදනම මත යෙදවිම හමුවේ තමන් ආර්ථික වශයෙන් ගැටළු රැසකට මැදි වි සිටින බවත්, ඒ අනුව තමන්ට ජිවත් විමට නොහැකි තත්ත්වයක් උද්ගත වි ඇති බවයි විරෝධතාවයේ නියැලි සිටි වතු කම්කරුවන් වැඩිදුරටත් කියා සිටියේ.