ජනපතිගේ නිර්දේශ මත පිරිසකට හදිසි වැටුප් වැඩි කිරීමක්...ඊයේ සිට ක්‍රියාත්මකයි..

Mahinda Amaraweera Ranil Wickremesinghe Ranjith Siyambalapitiya Ministry of Agriculture
By Aruna Jun 11, 2024 01:49 AM GMT
Aruna

Aruna

Report

මාතලේ ඇල්කඩුව වැවිලි සමාගමේ සේවය කරනු ලබන වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1700 ක් ලෙස වැඩි කර ලබාදීම ඊයේ ඇල්කඩුව වැවිලි සමාගමේ මාතලේ ප්‍රධාන කාර්යාලයේදී සිදු කෙරුණා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගිය මැයි 01 වැනිදා අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් 1700ක් දක්වා වැඩි කිරීමට ගෙන ඇති තීරණයත් සමග මෙම පඩි වැඩි කිරීම සිදු කර තිබෙන බවයි පැවසෙන්නේ.

අද සිට වැසි තත්ත්වයේ සිදු වන වෙනස ගැන දැනුම්දීමක්..

අද සිට වැසි තත්ත්වයේ සිදු වන වෙනස ගැන දැනුම්දීමක්..


ඇල්කඩුව වෙවිලි සමාගමේ සභාපති සුමිත් ජයරත්න මහතා ප්‍රකාශ කළේ, මාතලේ ඇල්කඩුව වැවිලි සමාගම යටතේ සේවය කරනු ලබන වතු කම්කරුවන් 1500ක් වෙත මෙම වැඩි කරන ලද රුපියල් 1700ක පඩියට අමතරව ඊ.ටී.එෆ් හා ඊ.පි.එෆ් 202.50 එක් වූ පසු 1902.50 වැටුප් වැඩිවීමක් සිදු කරන බවයි.

ඇල්කඩුව වැවිලි සමාගම 2020 වර්ෂයේ සිට ලාබ ලබන රජයේ වැවිලි සමාගමක් ලෙස කටයුතු කරන බැවින් මෙම වැටුප් වැඩිවීම ලබාදීමට හැකි බවත්, ඉදිරියේදී මනා කළමනාකරණයක් තුළින් වතු කම්කරුවන්ගේ වැටුප නිසි දිනට ලබාදීමට අවශ්‍ය සියලු කටයුතු රාජ්‍ය මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ උපදෙස් මත සිදු කිරීමට පියවර ගන්නා බවයි, ජයරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

ශ්‍රී ලංකාවට අවසන් 08 දෙනා අතරට පැමිණීමේ නව බලාපොරොත්තුවක්..ඊයේ රෑ සිදු වූ දේ මෙන්න..

ශ්‍රී ලංකාවට අවසන් 08 දෙනා අතරට පැමිණීමේ නව බලාපොරොත්තුවක්..ඊයේ රෑ සිදු වූ දේ මෙන්න..


Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%