වසර 25කට පසුව ඉහළ වැටුප් වැඩි වීමක්..මාසික වැටුප වැඩි වූ ප්‍රමාණය මෙන්න..

Nissan Panasonic Toyota Japan
By Aruna Mar 13, 2024 06:59 AM GMT
Aruna

Aruna

Report

වසර විසි පහකට පසුව සිය සේවකයින්ට දැනෙන වැටුප් වැඩිවීමක් ලබාදීමට ටොයෝටා මෝටර් සමාගම එකඟ වී තිබෙන බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර සිටිනවා.

ජපානයේ ප්‍රමුඛ සමාගම් වන ටොයෝටා, පැනසොනික් සහ නිසාන් සමාගම් ද වැටුප් වැඩිකරන ලෙස සිය සේවක වෘත්තීය සමිති කළ ඉල්ලීම් සඳහා සම්පූර්ණ එකඟත්වය ලබාදී තිබෙන බවයි වාර්තා වන්නේ.

එසේම නිපොන් ස්ටීල් සමාගම ද සිය සේවක වැටුප සැලකිය යුතු ලෙස වැඩිකර තිබීම ද විශේෂත්වයක්.

අදාළ පාර්ශ්වයන් අතර වැටුප් සම්බන්ධයෙන් පැවැත්වෙන වාර්ෂික සාකච්ඡා සාර්ථකව නිමවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසන්නේ.

සාමාන්‍යයෙන් ජපානයේ වෘත්තීය සමිති සහ කළමනාකරණය අතර හොඳ වැටහීමක් ඇති බැවින් එම සාකච්ඡා සැමවිට අර්බුදයකින් තොරව නිමාවීම ද විශේෂත්වයක්.

මෝටර් රථ නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයා වන ටොයෝටා සමාගම සේවක මාසික වැටුප යෙන් 28,440කින් වැඩිකිරීමට එකඟ වී තිබෙන බවයි පැවසෙන්නේ.

ජපානයේ බොහෝ ක්ෂේත්‍රවල සේවකයින්ට මෙවර ඉහළ වැටුප් වර්ධකයක් ලබාදී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.