සතියකට පසු ඉන්ධන මිලෙහි පහල යෑමක්. - නව මිල ගණන් මෙන්න. - තෙල් මිල සූත්‍රය අනුව ලංකාව වැඩ.

Fuel Price In Sri Lanka Fuel Price In World
By Wayomi Feb 02, 2025 03:04 AM GMT
Wayomi

Wayomi

Report

ලෝක වෙළදපොලේ බොරතෙල් මිල පසුගිය සතියට සාපේක්ෂව යළි පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 76. 76ක් ලෙස සටහන් වූ අතර, එය 0.14%ක අඩුවීමක්.

එමෙන්ම ඩබ්ලිව්. ටී. අයි. බොරතෙල් බැරලයක මිල රුපියල් 72. 53 කින් පහළ ගොස් තිබුණේ, 0.27% අඩුවීමක් පෙන්නුම් කරමින්.

මේ අතර මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධනය වන බවත් ඒ සඳහා මිල සූත්‍රය අනුව කටයුතු කරන බවත් වෙළඳ හා වාණිජ අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ, අද (02) අනුරාධපුරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

"මිල සූත්‍රයකට අනුව තමයි තෙල් මිල ඉහළ පහළ යන්නේ. ඒ නිසා මාසිකව තෙල් මිල ඉහළ පහළ යාම සිද්ධ වෙනවා. ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යාමත් සමග තෙල් මිලේ ඉහළ පහළ යාම සිද්ධ වෙනවා ඒ අනුව තමයි මිල සූත්‍රයට අනුව මිල වෙනස් වෙන්නේ. අපි කැමති වුණත් අකමැති වුණත් දැන් අනුගමනය කරන්නේ මේ මිල සූත්‍රය. ඒ අනුව තමයි සංශෝධනය විය යුතු දේවල් වෙනවා ඉහළ පහළ යන ඒවා සිදුවෙනවා.

30%කින් කර්මාන්ත ශාලා සඳහා විදුලි බිල අඩු කළා. ඒ හරහාත් පාරිභෝගික ජනතාවට සහන සැලසෙනවා. ඒ නිසා ආණ්ඩුවක් හැටියට ජනතාවට සහන සලසන්න සියලු ක්ෂේත්‍රවලින් කටයුතු කරනවා. ආයතනත් රැකගෙන ජනතාවත් රැකගෙන ඉස්සරහට යන්න රට පොහොසත් රටක් කරන වැඩපිළිවෙළක තමයි ආණ්ඩුව ඉන්නේ. "  

ජපන් වාහන වල ඔබ පුදුම කරවන මිල ගණන් මෙන්න.

ජපන් වාහන වල ඔබ පුදුම කරවන මිල ගණන් මෙන්න.

ජනපති අනුර ඔක්තෝබරයේ විශේෂ දිනයක් ප්‍රකාශයට පත් කරයි. - හේතුව මෙන්න.

ජනපති අනුර ඔක්තෝබරයේ විශේෂ දිනයක් ප්‍රකාශයට පත් කරයි. - හේතුව මෙන්න.


You may like this video


ReeCha