මෙවර මංගල අයවැයෙන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කෙරේ.- වැඩි වූ ප්‍රමාණයන් මෙන්න. - (සටහන් සහිතයි - VIDEO)

Government Employee Government Of Sri Lanka Budget 2025
By Wayomi Feb 17, 2025 07:17 AM GMT
Wayomi

Wayomi

Report

රටේ මෙවර සංවර්ධන න්‍යාය පත්‍රය ඉටු කිරීම සඳහා වන යෝජනා සහ සියලු පාර්ශ්වකරුවන් ආර්ථික ක්‍රියාකාරකම් සඳහා සම්බන්ධ කර ගැනීමේ සැලසුම් අයවැයට ඇතුළත් වේ.

අයවැයෙන් 2025.01.01 සිට 2025.12.31 දක්වා කාලය සඳහා රජයේ වියදම් ලෙස රුපියල් බිලියන 4,218ක් ඇස්තමේන්තු කර ඇත.

2024 වසර සඳහා රුපියල් බිලියන 6,978ක් වෙන් කර තිබියදී මේ වසරේ රජයේ වියදම බිලියන 2760 දක්වා අඩු වී තිබීම විශේෂත්වයකි.

රජයේ සේවක වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් මෙවර අයවැයෙන් යෝජනා කර තිබුනේ මෙලෙසින්,

"විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප මේ වන විටත් රුපියල් 3,000 ක් අප විසින් ජනාධිපතිවරණය ජයගත් විගසම වැඩි කොට තිබෙනවා. 2017.12.31 දක්වා විශ්‍රාම ගිය සියලුම විශ්‍රාමිකයන් එකම වැටුප් පරිමාණයක සිටින බැවින්, 2016 – 2020 දක්වා විශ්‍රාම ගිය රජයේ සේවකයින්ගේ විශ්‍රාම වැටුප් පමණක් සංශෝධනය කිරීම තුළින් වැටුප් විෂමතාවයක් ඇති වන බව අප නිරීක්ෂණය කරනවා.

රාජ්‍ය සේවයේ මූලික වැටුප් සංශෝධනයක් සිදු කොට දශකයකට ආසන්න කාලයක් ගත වී ඇති හෙයින්, සියලු සාධක සමස්තයක් ලෙස තක්සේරු කර, වැටුප් ව්‍යුහය සංශෝධනය කිරීමට දැන් කාලය පැමිණ තිබේ. රාජ්‍ය අංශයේ සේවකයන්ට යහපත් ජීවන තත්ත්වයක් ලබාදීම අවශ්‍ය වන අතර, රජයට දක්ෂ හා පුහුණු ශ්‍රමිකයන් ආකර්ශනය කර ගැනීමට හැකිවන අතරම අයවැය මතඅධික බරක් පැටවීම වළක්වා ගත යුතුය.

ඒ අනුව, අවම මාසික මූලික වැටුප රුපියල් 24,250 සිට රුපියල් 40,000 දක්වා රුපියල් 15,750 කින් වැඩි කිරීමට අප යෝජනා කරනවා. දැනට පවතින තාවකාලික අතුරු දීමනාව සහ විශේෂ දීමනාව මූලික වැටුපට ඒකාබද්ධ කරන අතර රුපියල් 8,250 ක ශුද්ධ වැඩිවීමක් මූලික අවම වැටුපට අදාලව සිදු කිරීමට යෝජනා කරනවා.

රාජ්‍ය අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩිවීමට සමගාමීව අධිකරණ සේවා, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල, විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩල සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් සඳහා ද මෙය අදාළ වේ.

රුපියල් 15,750 ක අවම මාසික මූලික වැටුප් වැඩිවීමට අමතරව වාර්ෂික වැටුප් වර්ධකයේ වටිනාකම සියයට 80 කින් ඉහළ නැංවීමට යෝජිතය. ඒ අනුව, රුපියල් 250 ක අවම වාර්ෂික වැටුප් වර්ධකය රුපියල් 450 දක්වා ඉහළ යනු ඇත. රාජ්‍ය අංශයේ සියලුම සේවකයන්ගේ වාර්ෂික වැටුප් වර්ධකය එම ප්‍රතිශතයට ගැලපීමට ද යෝජිතය.

මෙම වැටුප් වැඩිවීමේ සමස්ත ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 325 ක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ."

සුබ ආරංචියක්. - 2025 අයවැයෙන් පෞද්ගලික අංශයේ වැටුප් වැඩි වුනේ මෙහෙමයි.

සුබ ආරංචියක්. - 2025 අයවැයෙන් පෞද්ගලික අංශයේ වැටුප් වැඩි වුනේ මෙහෙමයි.

කලාකරුවන්ට සහ මාධ්‍යවේදීන්ට රජයෙන්. - හැකි ඉක්මනින්ම ලැබෙයි වගේ.

කලාකරුවන්ට සහ මාධ්‍යවේදීන්ට රජයෙන්. - හැකි ඉක්මනින්ම ලැබෙයි වගේ.

 


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha