ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ මූලික වැටුප් වැඩිවීම් ප්‍රකාශයට පත් කෙරේ. - තනතුරට අනුව වැඩි වන පිළිවෙල මෙන්න.

Sri Lanka Army Ranil Wickremesinghe Sri Lanka Navy Sri Lanka Air Force
By Wayomi Sep 03, 2024 01:44 PM GMT
Wayomi

Wayomi

Report

2025 වසරේ ජනවාරි මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා ඉහළ නැංවීම සඳහා වූ නිර්දේශ ඇතුළත් ජනාධිපති විශේෂඥ කමිටුවේ අවසන් වාර්තාව අනුව ත්‍රිවිධ හමුදාවල සේවය කරනු ලබන සාමාජිකයින්ගේ ද මූලික වැටුප් වැඩිවීම සිදු වනු ඇති.

ජනවාරි 01වනදා සිට රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා ඉහළ දැමීමට අනුමැතිය හිමිවෙයි. - විශ්‍රාමිකයන්ටත් ලැබෙන දේ මෙන්න.

ජනවාරි 01වනදා සිට රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා ඉහළ දැමීමට අනුමැතිය හිමිවෙයි. - විශ්‍රාමිකයන්ටත් ලැබෙන දේ මෙන්න.


ඒ, අනුව ඔවුන්ගේ වැටුප් වැඩිවීම සිදු වන්නේ මේ පිළිවෙලටයි.

🟡සාමාන්‍ය සෙබල / සාමාන්‍ය නැවි / ගුවන් බට යන තනතුරුවල III ශ්‍රේණියේ වැටුප රුපියල් 10,660කින්, II ශ්‍රේණිය සඳහා රුපියල් 10,960ක් හා I ශ්‍රේණිය සඳහා රුපියල් 11,260කින් මූලික වැටුප වැඩිවීම සිදු වේ.

🟡ලාන්ස් කොප්‍රල් / බලනැවි / නායක ගුවන් බට යන තනතුරුවල III ශ්‍රේණියේ වැටුප රුපියල් 11,560කින්, II ශ්‍රේණිය සඳහා රුපියල් 11,860ක් හා I ශ්‍රේණිය සඳහා රුපියල් 12,160කින් ඹූලික වැටුප වැඩිවීම සිදු වේ. එම සේවයේ විශේෂ ශ්‍රේණියේ මූලික වැටුප රුපියල් 12,460කින් ඉහළ නැංවේ.

අද කියයි හෙට කියයි කියලා බලන් හිටපු සුබ ආරංචිය. - සංවර්ධන නිලධාරීන්ව ගුරු සේවයට. - ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්.

අද කියයි හෙට කියයි කියලා බලන් හිටපු සුබ ආරංචිය. - සංවර්ධන නිලධාරීන්ව ගුරු සේවයට. - ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්.


🟡කොප්‍රල් / නායකනැවි / කොප්‍රල් යන තනතුරුවල III ශ්‍රේණියේ වැටුප රුපියල් 12,460කින්, II ශ්‍රේණිය සඳහා රුපියල් 12,760ක් හා I ශ්‍රේණිය සඳහා රුපියල් 13,130කින් මූලික වැටුප වැඩිවීම සිදු වේ. එම සේවයේ විශේෂ ශ්‍රේණියේ මූලික වැටුප රුපියල් 13,500කින් ඉහළ නැංවේ.

🟡සැරයන් / සුළු නිලධාරී / සැරයන් යන තනතුරුවල III ශ්‍රේණියේ වැටුප රුපියල් 13,500කින්, II ශ්‍රේණිය සඳහා රුපියල් 13,870ක් හා I ශ්‍රේණිය සඳහා රුපියල් 14,240කින් වැටුප් වැඩිවීම සිදු වේ. එම සේවයේ විශේෂ ශ්‍රේණියේ මූලික වැටුප රුපියල් 14,610කින් ඉහළ නැංවේ.

🟡මාණ්ඩලික සැරයන් / ප්‍රධාන සුළු නිලධාරී / බල පන්ති සැරයන් යන තනතුරුවල III ශ්‍රේණියේ වැටුප රුපියල් 14,240කින්, II ශ්‍රේණිය සඳහා රුපියල් 14,610ක් හා I ශ්‍රේණිය සඳහා රුපියල් 15,105කින් මූලික වැටුප වැඩිවීම සිදු වේ. එම සේවයේ විශේෂ ශ්‍රේණියේ මූලික වැටුප රුපියල් 15,600කින් ඉහළ නැංවේ.

🟡බලලත් නිලධාරී II / සමුහ ප්‍රධාන සුළු නිලධාරී / බලලත් නිලධාරී යන තනතුරුවල III ශ්‍රේණියේ වැටුප රුපියල් 16,095කින්, II ශ්‍රේණිය සඳහා රුපියල් 16,590ක් හා I ශ්‍රේණිය සඳහා රුපියල් 17,085කින් මූලික වැටුප වැඩිවීම සිදු වේ. එම සේවයේ විශේෂ ශ්‍රේණියේ මූලික වැටුප රුපියල් 17,580කින් ඉහළ නැංවේ.

🟡බලලත් නිලධාරී I / පාලක ප්‍රධාන සුළු නිලධාරී / ප්‍රධාන බලලත් නිලධාරී යන තනතුරුවල III ශ්‍රේණියේ වැටුප රුපියල් 19,725කින්, II ශ්‍රේණිය සඳහා රුපියල් 20,385ක් හා I ශ්‍රේණිය සඳහා රුපියල් 21,045කින් මූලික වැටුප වැඩිවීම සිදු වේ. එම සේවයේ විශේෂ ශ්‍රේණියේ මූලික වැටුප රුපියල් 21,705කින් ඉහළ නැංවේ.

🟡කැඩෙට් නිලධාරී තනතුරෙහි මූලික වැටුප රු. 13,500කින් ද, මධ්‍ය නිලධාරී තනතුරෙහි මූලික වැටුප රු. 13, 870කින් ද, 2 වන ලුතිනන් (කැඩෙට්) / පියාසර නිලධාරී (කැඩෙට්) යන තනතුරුවල මූලික වැටුප රු. 19,725කින් ද ඉහළ නංවා තිබේ.

🟡2 වන ලුතිනන් (කැඩෙට් නොවන) / පියාසර නිලධාරී (කැඩෙට් නොවන) යන තනතුරුවල මූලික වැටුප රු. 23,025කින් ඉහළ නැංවේ.

හිතාගන්නවත් බැරි සුබ ආරංචියක්. - සියලූම වගා ණය කපා හැරීමට රජයෙන් තීරණය කරයි.

හිතාගන්නවත් බැරි සුබ ආරංචියක්. - සියලූම වගා ණය කපා හැරීමට රජයෙන් තීරණය කරයි.


🟡ලුතිනන් / උප ලුතිනන් / පියාසර නිලධාරී වන තනතුරුවල මූලික වැටුප රු. 28,855කින්ද, උපකරණ පාලක තනතුර සඳහා වන මූලික වැටුප රු. 30,220කින් ද, කපිතාන් / ලුතිනන් / පියාසර ලුතිනන් යන තනතුරු සඳහා වන මූලික වැටුප රු. 37,045කින් ද ඉහළ නැංවේ.

🟡මේජර් / ලුතිනන් කමාන්ඩර් / ස්කොඩ්‍රන් ලීඩර් යන තනතුරු සඳහා මූලික වැටුප රු. 42,505කින් ඉහළ නැංවේ.

🟡ලුතිනන් කර්නල් / කමාන්ඩර් / වින්ග් කමාන්ඩර් යන තනතුරු සඳහා මූලික වැටුප රු. 44,175කින් ඉහළ නැංවේ.

🟡කර්නල් / කපිතාන් / ගෘප් කැප්ටන් යන තනතුරු සඳහා මූලික වැටුප රු. 58,095කින් ඉහළ නැංවේ.

🟡බ්‍රිගේඩියර් / කොමදෝරු / එයාර් කොමදෝරු යන තනතුරු සඳහා මූලික වැටුප රු. 62,555කින් ඉහළ නැංවේ.

ඊයේ දිනයටත් වඩා රන් මිල තව තවත් පහලට. - නව මිල ගණන් මෙන්න.

ඊයේ දිනයටත් වඩා රන් මිල තව තවත් පහලට. - නව මිල ගණන් මෙන්න.


🟡මේජර් ජනරාල් / රියර් අද්මිරාල් / එයාර් වයිස් මාර්ෂල් යන තනතුරු සඳහා වන මූලික වැටුප රුපියල් 71,000කින් ඉහළ නැංවේ.

🟡ලුතිනන් ජනරාල් / වයිස් අද්මිරාල් / එයාර් මාර්ෂල් යන තනතුරු සඳහා වන මූලික වැටුප රු. 76,300කින් ඉහළ නැංවේ.

🟡ජනරාල් / අද්මිරාල් / එයාර් චීෆ් මාර්ෂල් යන තනතුරු සඳහා වන මූලික වැටුප රු. 84,700කින් ඉහළ නැංවේ.

මිට අදාළ විස්තර ඇතුළත් ලේඛනය පහතින්,


GalleryGallery