සජබෙ ආසන සංවිධායකවරයෙක් ප්‍රසිද්ධියේම සජිත් ගෙ රෙදි ගලවයි. මෙහෙමත් ලැජ්ජාවක්...

Colombo Sajith Premadasa Samagi Jana Balawegaya Local government Election Sinhala news
By Mithu Jun 08, 2025 03:24 AM GMT
Mithu

Mithu

Report

කොළඹ මහ නගර සභාවේ බලය පිහිටවීම සඳහා මේ වෙද්දී විපක්ෂයේ බොහෝ දෙනා විවිධ දේශපාලන කණ්ඩායම් සමඟ සාකච්ඡා කරනවා.ඒ අතරින් පොහොට්ටුවේ සහයෝගය ලබා ගැනීමටත් සජිත් ප්‍රේමදාස ක්‍රියා කළ අතර එය සජබයේම ආසන සංවිධායකවරයෙක් දැඩි ලෙස විවේචනය කළා.

ඔහු වැඩිදුරටත් සඳහන කළේ කාබාසිනියා කළ පොහොට්ටුව ඇතුළු පාපිසි සියල්ල එකතු කරගෙන කොළඹ නගර සභාවේ බලය පිහිටුවීමේ අවශ්‍යතාවය කුමක් දැයි නොවැටහෙන බවත් ජනතාව අතරින් ප්‍රතික්ෂේප වී ඇති නාමල් රාජපක්ෂලාට නැවත ජනතා බලයක් ඇති කිරීමට සමගි ජන බලවේගයට ඇත්තේ කුමණ අවශ්‍යතාවයක් දැයි ප්‍රශ්න කරන බවත් අද සමගි ජන බලවේගයේ ජා ඇල ආසන සංවිධායක ශීරන්ත අමරසේකර ප්‍රශ්න කළේය.

රට හදන්න ඇඩෙන්නම විදුලි බිල වැඩිවෙයි?

රට හදන්න ඇඩෙන්නම විදුලි බිල වැඩිවෙයි?

කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමට සමගි ජන බලවේගය කටයුතු කරන ආකාරය ප්‍රසිද්ධියේ දැඩි ලෙස විවේචනය කරමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (07) පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණාගේ මූලිකත්වයෙන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් තේරී පත් වුන සජබ සභිකයින් දිවුරුම් දීමේ වැඩසටන අතරදීය.

අවස්ථාවේ දී ජා ඇල ආසන සංවිධායකවරයා මෙසේ ද පැවසුවේය.

ජනපතිගෙන් නිලධාරීන්ට අවසන් නියෝගයක්

ජනපතිගෙන් නිලධාරීන්ට අවසන් නියෝගයක්

” මට හිතෙනවා අපි කොළඹ නගර සභාවට මහා වලිකෑමක් වලි කනවා. කොහෙවත් යන පොහොට්ටුවත් කරේ තියාගෙන. සජිත් මහත්තයට කියන්න පාඩුවෙ නිකම් ඉන්න කියලා. දිනනවා නම් අපි දිනාගනී. රටේ තියන ඔක්කොම පාපිසි එකතු කරගෙන කොළඹ නගර සභාව අපට පිහිටුවන්න ඕන නෑ. මොකටද අපි එහෙම පිහිටුවන්නේ. ”

ReeCha