සුපිරි බල කණු ටිකක් සජිත් පිලට.. ඒත් එක්කම පුදුම හිතෙන සැලැස්මක් සජිත්ගෙන් එළියට..
සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ රටට බත සපයන ගොවි ජනතාවට නිසි වටිනාකමක් ලබා දෙමින් සාධාරණ මිලකට තත්ත්වයෙන් උසස් පොහොර අඩු මිලට ලබා දෙන බවයි.
විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ සමගි ජන බලවේගය ප්රමුඛ සමගි ජන සන්ධානයේ පොළොන්නරුව දිස්ත්‍රික් ජන රැළිය අමතමින් ය.
ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය ඉලක්ක කරගනිමින් සමගි ජන බලවේගය ප්රමුඛ සමගි ජන සන්ධානය සංවිධාන කරන ජන රැළි මාලාවේ තවත් ජන රැළියක් අද (25) පෙරවරුවේ පොළොන්නරුව දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් හිඟුරක්ගොඩ නගරයේ දී පැවැත්විණ.
ඒ සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් වේ.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් පාලන නියෝජිතයින් පිරිසක්ද මෙහිදී සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කරමින් සමගි ජන බලවේගය හා එක් විය.