'අග්බෝ' හස්තියා නාච්චාදූව රක්ෂිතයෙන් සොයාගැනේ - සියල්ල බලා සිටි අග්බෝට ඇත්තටම මොකද වුණේ ?

Report

ශ්‍රී ලංකා යුද හමුදාව සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව දියත් කළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකින් අනතුරුව 'අග්බෝ' හස්තියා නාච්චාදූව රක්ෂිතයේ සිටියදී සොයාගත් බව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා තහවුරු කරයි.

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය ගැන අවාසනාවන්ත ආරංචියක්

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය ගැන අවාසනාවන්ත ආරංචියක්

පසුගිය දින කිහිපය පුරා අතුරුදහන්ව සිටි මෙම දෑවැන්ත හස්තියාගේ සෞඛ්‍ය තත්ත්වය සහ ආරක්ෂාව පිළිබඳව සොයා බැලීම සඳහා ආරක්ෂක ලේකම්වරයාගේ නියෝගයක් මත ඊයේ (18) මෙම විශේෂ මෙහෙයුම ආරම්භ කර තිබුණි.

එම ප්‍රදේශය භාර වනජීවී අඩවි සහකාර බුද්ධික මහතා තහවුරු කර ඇත්තේ, අග්බෝ ඇතා සොයාගන්නා අවස්ථාව වන විටත් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවූ බවයි.

නාච්චාදූව රක්ෂිත පරිශ්‍රයේ සිටියදී සොයාගත් අග්බෝ හස්තියාගේ වර්තමාන සෞඛ්‍ය තත්ත්වය පරික්ෂා කිරීම සහ අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා වනජීවී පශු වෛද්‍ය කණ්ඩායම් මේ වන විටත් කටයුතු කරමින් සිටිති.

අග්බෝ සොයා මෙහෙයුම් යළි ඇරඹේ - හමුදා සෙබළුන් 50ක් සහ ඩ්‍රෝන යානාත් එක්වෙයි

අග්බෝ සොයා මෙහෙයුම් යළි ඇරඹේ - හමුදා සෙබළුන් 50ක් සහ ඩ්‍රෝන යානාත් එක්වෙයි