තවත් පක්ෂ 27ක සහයත් සජිත්ට...
By Parami Dissanayake
ජනාධිපතිවරණයේ දී සමගි ජන සන්ධානයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහාය පළ කිරීම වෙනුවෙන් දේශපාලන පක්ෂ 27ක් සමගි ජන සන්ධානය සමග ගිවිසුම් ගත වී තිබෙනවා.
ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය පළකිරීමේ අරමුණින් මානුෂීය ජනතා සන්ධානය නියෝජනය කරන එක්සත් ලංකා පොදු ජන පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රසය, ජාතික කොංග්‍රසය ඇතුළු පක්ෂ සහ සංවිධාන 27ක් මෙහිදී සන්ධාන ගතව ඇත.
මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා ඇතුළු එක්සත් වාමාංශික පෙරමුණ ද තීරණය කර ඇත.