මගේ පියා වගේම මාත් කලාකරුවන්ට උපරිම සේවයක් කරනවා - සජිත්ගෙන් පරිත්‍යාගයක්

Report

ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමය මඟින් කොළඹ සිනමන් ලේක්සයිඩ් හීදී සංවිධානය කරන ලද අරමුදල් රැස්කිරීමේ උත්සවයකට ඉකුත් දා එක් වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එහි දී රටේ කලාකරුවන් සඳහා ඔහුගේ සහයෝගය යළිත් වරක් තහවුරු කරමින් සංගමයේ සුභසාධන අරමුදල සඳහා රුපියල් 500,000ක මුදලක් පරිත්‍යාග කර ඇති බව සඳහන්.

එසේම ශ්‍රී ලංකාවේ කලා ප්‍රජාවට සහාය වීමේ වැදගත්කම මෙහි දී අවධාරණය කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් කියා ඇත්තේ සංගීතය සෑම විට ම මානසික සැනසිල්ල ලබා දෙන බවත් එය මානසික ආතතිය දුරු කරන කාරකයක් වශයෙන් ද කටයුතු කරන බවයි.

QR ක්‍රමවේදය සහ ඉන්ධන ලබාදීමේ සීමාවන් සම්බන්ධයෙන් දිවයිනටම සතුටු හිතෙන ආරංචියක්

QR ක්‍රමවේදය සහ ඉන්ධන ලබාදීමේ සීමාවන් සම්බන්ධයෙන් දිවයිනටම සතුටු හිතෙන ආරංචියක්

එමෙන්ම තම පියා වන හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මෙන් තමා ද කලාකරුවන් සඳහා කළ හැකි උපරිම සේවය ඉටු කරන බවත් විපක්ෂ නායකවරයා අදහස් දක්වමින් කියා සිටි බව සඳහන්.

කලාකරුවන්ගේ සංගමයේ නියෝජිතයින් විසින් සිදු කළ ඉල්ලීමකට අනුව, මූල්‍ය දුෂ්කරතාවන්ට මුහුණ දෙන කලාකරුවන්ට සහාය වීම වෙනුවෙන් රුපියල් 500,000 ක මුදලක් මෙසේ පරිත්‍යාග කර ඇති බව වාර්තා වේ.

ඊයේ ලියපු ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලබන සැප්තැම්බර් මාසේ - ප්‍රතිඵල එන දවසත් එක්කම දැනුම්දීමක්

ඊයේ ලියපු ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලබන සැප්තැම්බර් මාසේ - ප්‍රතිඵල එන දවසත් එක්කම දැනුම්දීමක්

පොහොට්ටුව දෙදරයි - ප්‍රධාන නියෝජිතයින් පිරිසක් සර්වජන බලයට එකතු වේ

පොහොට්ටුව දෙදරයි - ප්‍රධාන නියෝජිතයින් පිරිසක් සර්වජන බලයට එකතු වේ