ක්‍රීඩා ඇමති රොෂාන් වෙනුවෙන් සජිත් පෙරට එයි. - (VIDEO)
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් වැටලීමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ විභාග කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරනවා.
ඔහු මේ බව කියා සිටියේ, අද (27) රැස්වූ පාර්ලිමේන්තුවේදීයි.
විපක්ෂ නායකවරයා එහිදී අවධාරණය කර සිටියේ, ක්‍රීඩා ඇමැතිගේ බලතල කප්පාදු කිරීමට කැබිනට් තීරණයක් ගෙන තිබෙන බවත්, ක්‍රීඩා පනත හරහා ක්‍රීඩා ඇමතිට අතුරු අතුරු කමිටු ආදිය පත් කිරීමට බලය ලැබී තිබෙන බවත්ය.
ඒ, අනුව පනතින් බලය දී තිබියදී එතුමාට තීන්දු තීරණ ගැනීමට කැබිනට් අනුමැතිය ගත යුතුදැයි විපක්ෂ නායකවරයා එහිදී ප්‍රශ්නකර සිටියා.