ඇත්තටම විවාදයට බය කවුද?..ජුනි 06 වැනිදා නායකයින් සටනට එයි..

Election Commission of Sri Lanka Anura Kumara Dissanayaka Sajith Premadasa Sri Lanka Politician Samagi Jana Balawegaya
By Aruna May 25, 2024 06:41 AM GMT
Aruna

Aruna

Report

පළමුව සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුවත් සමග විවාදයකට ජාතික ජන බලවේගය සම්බන්ධ නොවන බවත් පක්ෂ නායකයන් අතර පවත්වන විවාදයට ජුනි 06 වන දින ජාතික ජන බලවේගයට සහභාගි විය හැකි බවත්, සමගි ජන බලවේගය දැනුවත් කළ බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසුවේ.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජන බලවේග යේ නායක අනුර කුමාර දිසානායක සමග පවත්වන විවාදයෙන් පසුව අවශ්‍ය නම් සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුව සමඟ විවාදයක් පැවැත්වීමට ජාතික ජන බලවේගය සූදානම් බවයි.

මෙරට ජනප්‍රිය ටෙලි නාට්‍ය කිහිපයක රඟපාන සුරූපී නිළියන් කරපු වැඩක් ලීක් වෙලා..

මෙරට ජනප්‍රිය ටෙලි නාට්‍ය කිහිපයක රඟපාන සුරූපී නිළියන් කරපු වැඩක් ලීක් වෙලා..


පක්ෂ දෙක අතර ආර්ථික කමිටු විවාදය සහ නායකයින් අතර විවාදය සඳහා දින නියම කර ගැනීම සඳහා මැයි 17 වන දින සමගි ජන බලවේග යේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ජාතික ජන බලවේගයට ලිපියක් යොමු කොට තිබුණා.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ, පළමුව ආර්ථික කමිටු අතර විවාදය මැයි 27 සිට 31 දක්වා ඕනෑම දිනයකද, ඉන් පසුව ජුනි 03 සිට ජුනි 06 දක්වා ඕනෑම දිනයක පක්ෂ නායකයින් අතර විවාදය පැවැත්වීමට ජාතික ජන බලවේගයට යෝජනා කරන බවයි.

දෙපාර්ශවයේ මෙම දෙපැත්තට ඇදීමෙන් පෙනීයන්නේ රටේ ජනතාව ඉදිරියේ සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය විහිළුවට ලක්වීමක් නොවන්නේ ද?

රටේ අර්බුධයක් ඇති වූ පසුගිය කාල සීමාවේ මෙම දෙපාර්ශවයම විවිධ කථා කියමින් රට භාර ගැනීමට මැලි වූයේද මෙම විවාදය මෙන් විවිධ කයිකතන්දර කියමින් බව අදටත් අනෙකුත් පක්ෂවල දේශපාලඥයින් පවසයි.

තරුණයින් දෙනෙකුගේ මළ සිරුරු කුඹුරක පාවෙමිත් තිබියදී හමු වෙයි..

තරුණයින් දෙනෙකුගේ මළ සිරුරු කුඹුරක පාවෙමිත් තිබියදී හමු වෙයි..


කෙසේවෙතත් ශ්‍රී ලංකාව ගොඩ නැගීමේ ඉදිරි වසර 05 රට භාර ගැනීමට සිටින ප්‍රධාන පක්ෂ වල සිටින මෙම උදවිය මුහුණට මුහුණ විවාදයකට එන්නට තරම් මෙතරම් මැලිකමක් දක්වනවා නම් රටේ ජනතාව ලෙස ඉදිරි මැතිවරණ කාල සීමාවේ නිවැරදි තීරණයක් ගනු ඇත.

එම නිසා රටේ ජනතාව ඉදිරියේ තවදුරටත් විහිළුකාරයින් නොවී දෙපාර්ශවයේ නායකයින් සහ ආර්ථික කමිටු අදාල දිනයන් තුළ විවාදයට නොබියව මුහුණ දෙනු ඇතැයි රටේ ජනතාව බොහෝ දෙනෙක් බලාපොරොත්තු දල්වා සිටියි.

එසේ නොපැමිණියහොත් ඉදිරි මැතිවරණයේදී ජනතාව එම පාර්ශවයන් වලට නිසි වටිනාකමක් ලබා දෙන්නට මැලිනොවනු ඇත.

ReeCha