මහීෂ් වෙනුවට සහන් ආරච්චිගේ සංචිතයට කැඳවයි.

Report

ආසියානු කුසලාන අවසන් මහා තරඟය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සහභාගී නොවනවා.

ඔහු වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක සහන් ආරච්චිගේ සංචිතයට කැඳවා තිබෙනවා.

මහීෂ් තීක්ෂණ පාකිස්ථානය සමඟ පසුගිය බ්‍රහස්පතින්දා (14) පැවති තරඟයේදී දකුණු පාදයේ ආබාධයකට ලක් වූ අතර, ඊයේ (15) වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කරනු ලැබුවා.

ආසියානු කුසලාන අවසන් මහා තරඟය ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර හෙට (17) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.