සෝදිසි වරෙන්තු නැතුව පොලිසිය ගෙවල්වලට පනිනවා තත්ත්වය භයානකයි - සාගර කාරියවසම්

Report

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමත් සමගම කිසිදු සෝදිසි වරෙන්තුවක් නොමැතිව නිවෙස් වලට කඩා පනින බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් නීතීඥ සාගරකාරියවසම් මහතා චෝදනා කරයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද දින පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

එහිදී වැඩිදුරටත් අදහස් ප්‍රකාශ කළ ඔහු සඳහන් කළේ ,

මෙහි උච්චතම අවස්ථාවක් ලෙස පොලිසිය සෝදිසි වරෙන්තුවලින් තොරව විරුද්ධවාදී දේශපාලඥයින්ගේ නිවස්වලට කඩා පනිනවා. පසුගිය සතියේ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයාගේ නිවසට සෝදිසි වරෙන්තුවකින් තොරව පොලිසිය කඩා පනිනවා.

මේ වගේ කටයුත්තක් ඉතාම භයානකයි, පොලිසිය යොදාගෙන විරුද්ධවාදීන් මැඩලන්න කටයුතු කිරීම. මෙය ප්‍රජාතන්ත්‍රවාදය නොවේ. ඒ වගේම අපේ ක්‍රියාකාරීන් බය කරනවා පොලිසිය මේ ආකාරයේ නිවස්වල කඩාපැනලා. ඒ නිසා අද ලෝක ප්‍රජතන්ත්‍රවාදි දිනයේදී අප ආණ්ඩුවට ප්‍රකාශ කර සිටිනවා පොලිස් නිලධාරීන්ව පාලනය කරගන්න, දේශපාලන අවශ්‍යතාවයන් මත පොලිස් නිලධාරීන්ව යොදවා ගැනීම මේ ආකාරයට සිදුකරන්න ඉඩදෙන්න එපා කියලා.

තෙල් මිලට මොකද වෙන්නේ - ආයේ තෙල් ගන්නේ ඇමරිකාවෙන් අරාබියෙන් නෙමෙයිලු

තෙල් මිලට මොකද වෙන්නේ - ආයේ තෙල් ගන්නේ ඇමරිකාවෙන් අරාබියෙන් නෙමෙයිලු

ඒ වගේම මේ අයිස් කන්ටේනර් දෙක සම්බන්ධයෙන් වගකීම ඉතාම සාහසික ලෙස නාමල් රාජපක්ෂ පිට පටවන්න ගත්ත උත්සහය දැන් ආණ්ඩුව පැත්තට කැරකිලා තිබෙනවා. මේ කන්ටේනර් දෙක ලංකාවට පැමිණෙන විටම ජාත්‍යන්තර ඔත්තු සේවාව මඟින් මෙහි මත්ද්‍රව්‍ය අඩංගු බවට දැනුම දුන් බවට කාරණය මේ වන විට මාධ්‍ය මඟින් එළියට පැමිණිලා තිබෙනවා.

ඒ වගේම මේ කන්ටේනර් දෙක නිදහස් කිරීමට පෙර මේ කන්ටේනර් පොලිසිය විසින් පරීක්ෂා කර බලලා නිදහස් කරා කියලා රේගු නිලධාරීන් ප්‍රකාශ කර සිටිනවා. මේ වගේ තත්වයක් යටතේ මේ කන්ටේනර් දෙකේ පැමිණි ඒ මූල ද්‍රව්‍යවල අයිස් කියන මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට අවශ්‍ය මූලද්‍රව්‍ය ගැබ්වෙලා තිබෙනවා කියලා මේ වන විට අන්තරායක ඖෂධ පිළිබඳ අධිකාරිය විසින් ප්‍රකාශ කර තිබීමත් සමග අපිට මේ රටේ ජනතාව හැටියට ප්‍රශ්නයක් ඇතිවී තිබෙනවා.

අලුත් 2000 නෝට්ටුව සම්බන්ධයෙන් මහ බැංකුවෙන් දැනුම් දීමක්

අලුත් 2000 නෝට්ටුව සම්බන්ධයෙන් මහ බැංකුවෙන් දැනුම් දීමක්