අත්අඩංගුවට ගත් සාගර කාරියවසම් උණුසුම මැද අධිකරණයට රැගෙන යයි

Report

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා මේ වනවිට කඩුවෙල අධිකරණය වෙත රැගෙන යමින් පවතින බව සඳහන්.

අද (10) දින පෙරවරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා විසින් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පැමිණ තිබුණා.

ඒ පොලිස්පතිවරයා සම්බන්ධව සිදුකර ඇති බව කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් වූ පරීක්ෂණයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම වෙනුවෙන්.

මීට සුළු මොහොතකට පෙර සාගර කාරියවසම් අත්අඩංගුවට

මීට සුළු මොහොතකට පෙර සාගර කාරියවසම් අත්අඩංගුවට

ඉකුත් දා පොලිස්පතිවරයා සම්බන්ධව සිදුකර ඇති ප්‍රකාශයක් පිළිබඳව පොලිස්පතිවරයාගේ උපදෙස් මත මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

එම අවස්ථාවේදී පොලිස්පතිවරයාට මරණ තර්ජන සිදුකිරීම, ජනාධිපති මහජනයා අතර අනාදරයට පත්වන අයුරින් ප්‍රකාශ සිදු කිරීම යන චෝදනා මත ඔහුව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.