අත්අඩංගුවේ ඉන්නේ නියම වෙඩිකරුද ? සැකයක්

By Gagana News Feb 27, 2025 11:30 AM GMT
Report

 ගණේමුල්ලේ සංජීව ඝාතන සිද්ධියට අදාලව දැනට අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයා නියම වෙඩිකරුද යන්න සම්බන්ධයෙන් සනාථ කර ගැනීමට අදාළ පරීක්ෂණ පොලිසිය විසින් ආරම්භ කර තිබෙනවා.

සැකයකින් තොරව එය සනාථ කර ගත යුතුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා පවසන්නේ.

යුක්රේන ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ව හමුවීමට සැරසෙයි

යුක්රේන ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ව හමුවීමට සැරසෙයි

ඉතා කුඩා සැකයක් හෝ ඇති නොවීමට අවශ්‍ය හෙයින් එදින වෙඩි තැබීම සිදු කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයාදැයි තහවුරුකර ගැනීමට අවශ්‍යව ඇති බව සඳහන්.

එම නිසා එදින අධිකරණයේ සී.සී.ටී.වී දර්ශන ඔස්සේ සැකකරුගේ මුහුණ හඳුනා ගැනීමේ විශේෂ පරික්ෂණයක් සිදුකර විශේෂඥ නිර්දේශයක් ලබා ගැනීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා තවදුරටත් සඳහන් කර සිටියේ