මෙරට ඉතිහාසයේ ජෛව සම්පත් මංකොල්ලයකට නියම කල වැඩිම දඩ මුදල රුසියානුවන් දෙදෙනෙකුට..

Report

සිංහරාජ ලෝක උරුම වනාන්තරයේ සහ හොර්ටන්තැන්න ජාතික උද්‍යානයට ඇතුල් වි මෙරටට ආවේනික වු ජෛව සම්පත් එක්රැස් කරමින් සිටියදි අත්අඩංගුවට ගත් රුසියානු ජාතිකයන් දෙදෙනා (15) දින ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ වරද පිලිගත් නිසා සැකකරුවන් දෙදෙනාට රු එකලොස් කොටි හැට අට ලක්ෂ දස දහසක දඩ මුදලක් ගෙවන ලෙස ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් දිළුම් ප්‍රනාන්දු මහතා නියෝග කලේය.

රජයේ රස පරීක්ෂක ධුරයට සන්ධ්‍යා කුමුදුනී පත් කිරීමට කැබිනට් අනුමැතිය..

රජයේ රස පරීක්ෂක ධුරයට සන්ධ්‍යා කුමුදුනී පත් කිරීමට කැබිනට් අනුමැතිය..

මෙසේ දඩ මුදල් ගෙවන ලෙසට නියම කරනු ලැබුවේ රුසියාවේ මොස්කව් නුවර පදිංචි සැවෙලි ඇලෙක්සැන්ඩ්‍රොවිච් (18) සහ නිකොලයි ඊල්යිච් (21) යන අයටයි.

සැකකරුවන් දෙදෙනා වෙනුවෙන් පෙනි සිටි නිතිඥවරයා අධිකරණය හමුවේ ඉල්ලිමක් කරමින් කියා සිටියේ එම දඩ මුදල කොටස් වශයෙන් ගෙවිමට නියෝගයක් ලබාදෙන ලෙසත්, (15) දින එම දඩ මුදලෙන් ලක්ෂ පහලෝවක මුදලක් අධිකරණය වෙත ගෙවන බවයි.

එම ඉල්ලිමට වනජිවි නිලධාරින්ගේ විරෝධයක් මතු නොවු නිසා දෙපාර්ශව පිලිබදව කරුණු සලකා බැලු මහෙස්ත්‍රාත්වරයා යලිත් මෙම නඩුව ලබන මස (26) දින කැදවිමට නියෝග කල අතර, දඩ මුදල සම්පුර්ණයෙන්ම ගෙවා අවසන් කරන තෙක් සැකකරුවන් දෙදෙනාගේ විදෙස් ගමන් බලපත්‍රය අධිකරණය හමුවේ තවදුරටත් රදවා ගැනිමට නියෝග කෙරිණ.

හේෂාගේ කුකුස තමා හේතුව..ඉවසීමේ සීමාවක් තියෙනවා .. මගේ කට ඇරුණොත් පක්ෂයත් කුඩු වෙනවා

හේෂාගේ කුකුස තමා හේතුව..ඉවසීමේ සීමාවක් තියෙනවා .. මගේ කට ඇරුණොත් පක්ෂයත් කුඩු වෙනවා

සැකකරුවන් දෙදෙනා ඉකුත් අගෝස්තු මස (28) දින එම රක්ෂිතයන් තුළට ඇතුල් වි ජෛව සම්පත් මංකොල්ලකමින් සිටින බවට ලද තොරතුරක් මත නුවරඑලිය හෝර්ටන්තැන්න ජාතික වන උද්‍යානයේ නියෝජ්‍ය භාරකරු ඩබ්ලිව්.එම්.එල්.කේ.වාසල, නුවරඑලිය ගැල්වෙස්ලැන්ඩ් ජාතික වන උද්‍යානයේ භාරකරු ප්‍රභාෂ් කරුණාතිලක යන මහතුන් ඇතුළු වනජිවි නිලධාරින් කණ්ඩායමක් සිංහරාජ ලෝක උරුම වන්නාන්තරය වෙත ගොස් වැටලිමක් සිදු කර සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ෂණ සිදු කිරිමේදි සැකකරුවන් නවාතැන්ගෙන සිටි ඇඹිලිපිටිය ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක කාමරයක සගවා තිබු ජෛව සම්පත් 230 ක් තම භාරයට ගත් බව එම වැටලිමට එක් වු හෝර්ටන්තැන්න ජාතික වන උද්‍යානයේ නියෝජ්‍ය භාරකරු ඩබ්ලිව්.එම්.එල්.කේ.වාසල මහතා පැවසිය.

කුකුල් ෆාම් ,ඌරු ෆාම් ගැන අහල තිබ්බට මෙහෙම ෆාම් එකක් අහල තිබ්බද..දෙවියනේ! කරලා තියන දෙයක්..

කුකුල් ෆාම් ,ඌරු ෆාම් ගැන අහල තිබ්බට මෙහෙම ෆාම් එකක් අහල තිබ්බද..දෙවියනේ! කරලා තියන දෙයක්..

එම සැකකරුවන් දෙදෙනා ඉකුත් අගොස්තු මස (29) දින ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව දැඩි ඇප කොන්දේසි මත මුදා හැරිමට ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණි. එක් සැකකරුවෙකුට චෝදනා 1067 බැගින් ගොණු කල බවත්, වනජිවි දෙපාර්තුමේන්තු ඉතිහාසයේ ජෛව සම්පත් මංකොල්ලයකට නියම කල වැඩිම දඩ මුදල මෙය බවයි ඩබ්ලිව්.එම්.එල්.කේ.වාසල කියා සිටියේ. සැකකරුවන්ගේ චෝදනා වලට අමතරව සැකකරුවන් විසින් එක්රැස් කර තිබු ජෛව සම්පත් සම්බන්ධයෙන් කුමන සජිවි සත්ව කාණ්ඩයක්ද යන්න පිලිබදව වාර්තාවක් සත්ව උද්‍යාන අධ්‍යක්ෂක ජෙනරාල්වරයාගෙන් සහ සතුන් මත් කිරිම සම්බන්ධයෙන් පසු පර්යේෂණ ආයතනයෙන් වාර්තා කැදවා එම වාර්තාද අධිකරණය හමුවේ ඉදිරිපත් කල බවයි ඩබ්ලිව්.එම්.එල්.කේ.වාසල කියා සිටියේ.

එම චුදිතයන් දෙදෙනා මෙරටට ආවේනික දුම්බර අං කටුස්සා, පලා කටුස්සා, ඇහැටුල්ලා, කණාමැදිරියන්, ගොළුබෙල්ලන්, සිංහරාජ වනාන්තරයට ආවේනික රක්වාන ගෙම්බන් ඇතුළු ජෛව සම්පත් 230 ක් එක්රැස් කර තිබුණි.

පිටසක්වල ජීවීන් පිළිබද තොරතුරක් හමුවෙවිද ..

පිටසක්වල ජීවීන් පිළිබද තොරතුරක් හමුවෙවිද ..

වනජිවි දෙපාර්තුමේන්තුවට අයත් රක්ෂිත වලට ඇතුල් වි මෙවැනි ජෛව සම්පත් මංකොල්ලකැම් සිදු කරන ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නිරන්තරයෙන් කටයුතු කරන බවද ඩබ්ලිව්.එම්.එල්.කේ.වාසල මහතා වැඩිදුරටත් පැවසිය.

වනජිවි අධ්‍යක්ෂක ජෙනරාල් චන්දන සුරියබණ්ඩාර මහතාගේ උපදෙස් පරිදි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කල බවත්, මෙම මෙහෙයුමට හෝර්ටන්තැන්න ජාතික උද්‍යානයේ ක්ෂේත්‍ර සහයක ඇල්කඩුව මහතා සහ රියදුරු මහතා සහභාගි වි ඇත.

මෙරට ඉතිහාසයේ ජෛව සම්පත් මංකොල්ලයකට නියම කල වැඩිම දඩ මුදල රුසියානුවන් දෙදෙනෙකුට.. | Russians Arrested For Robbing Biological Resources