සජීවී බැක්ටීරියා සහිත පරීක්ෂණ නලයක් පුරායයි - 200ක පමණ පිරිසක් නිරෝධායනයට

Report

රුසියාවේ සයිබීරියානු ඉර්කුට්ස්ක් කලාපයේ ප්ලේග් මර්දන ආයතනයක සේවය කළ 28 හැවිරිදි ඩාර්යා ශිපිලෝවා නමැති විද්‍යාගාර සේවිකාවක 'නියුමොනික් ප්ලේග්' ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පරීක්ෂණ සාම්පල ලබාගන්නා අතරතුර ප්ලේග් රෝගකාරක සජීවී බැක්ටීරියා සහිත පරීක්ෂණ නලයක් අහම්බෙන් බිඳී යාමෙන් ඇයට මෙම ආසාදනය වී තිබේ.

නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කිරීමට අනුමැතිය

නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කිරීමට අනුමැතිය

දැඩි නියුමෝනියා ලක්ෂණ සහිතව ෂෙලෙකොව් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කෘත්‍රිම ශ්වසන යන්ත්‍ර ආධාරයෙන් ප්‍රතිකාර ලැබූ ඇය පසුගිය බ්‍රහස්පතින්දා මියගොස් ඇත.

සිද්ධියෙන් පසු ඇය ප්‍රතිකාර ලැබූ රෝහල වසා දමා නිරෝධායනයට ලක්කිරීමට පියවර ගෙන ඇති අතර, ඇය ඇසුරු කළ 197 දෙනෙකු හඳුනාගෙන ඉන් 100කට වැඩි පිරිසක් රෝහල් වාට්ටුවල නිරෝධායනය කර ඇත.

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් - පැය 24ක් වලංගුයි

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් - පැය 24ක් වලංගුයි

ඉර්කුට්ස්ක් ප්‍රාදේශීය ආණ්ඩුකාර ඊගෝර් කොබ්සෙව් (Igor Kobzev) සඳහන් කළේ නිරෝධායනයේ පසුවන කිසිවෙකුටත් මේ වන තෙක් රෝග ලක්ෂණ මතු වී නොමැති අතර ඔවුන්ගේ පරීක්ෂණ වාර්තා සෘණාත්මක වී ඇති බවයි. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද කඩවීම සම්බන්ධයෙන් බලධාරීන් පූර්ණ විමර්ශනයක් ආරම්භ කර තිබේ.