නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කිරීමට අනුමැතිය
මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න යන මහත්වරුන් අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව තිබේ.
අධිකරණ පද්ධතියේ ජ්‍යෙෂ්ඨත්වය සහ සේවය පදනම් කරගනිමින් ජනාධිපතිවරයා විසින් මෙම නාම යෝජනා අනුමැතිය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත යොමු කර තිබිණි.
ඒ අනුව අදාළ නාම යෝජනා අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ඊට පූර්ණ අනුමැතිය ලබා දී ඇති අතර, ඉදිරියේදී ජනාධිපතිවරයා ඉදිරියේ ඔවුන් නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස දිවුරුම් දීමට නියමිතය.