ලෝක ශූරයන් දෙදෙනෙකුගේ අපූරු හමුව - උසේන් බෝල්ට් සහ රුමේෂ් තරංග මුණගැසුණු හැටි
By Malith Madushan
ලොව අංක එකේ හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග පතිරගේ, තවත් රන් පදක්කමක් දිනාගැනීමෙන් අනතුරුව ලොව සුපිරි කෙටි දුර ධාවන ශූරයෙකු වන උසේන් බෝල්ට් හමුවී තිබේ.
මෙම හමුව විශේෂත්වයට පත්ව ඇත්තේ, ඔලිම්පික් සහ ලෝක ශූර උසේන් බෝල්ට් සමඟ රුමේෂ් තරංගට ක්‍රීඩාවෙන් ඔබ්බට ගිය තවත් සමානකමක් පැවතීම හේතුවෙනි.
ඔවුන් දෙදෙනාම ක්‍රිකට් ක්‍රීඩාවේ වේග පන්දු යවන්නන් ලෙසද කටයුතු කර ඇති බව සඳහන් වේ. හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ජාත්‍යන්තර පිටියේ ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දෙමින් සිටින රුමේෂ් තරංග, තවත් රන් පදක්කමක් හිමිකර ගැනීමෙන් අනතුරුව බෝල්ට් සමඟ ඡායාරූපයකටද පෙනී සිට තිබේ.
ලෝක මට්ටමේ මලල ක්‍රීඩා තරු දෙදෙනෙකු වන රුමේෂ් තරංග සහ උසේන් බෝල්ට් අතර මෙම හමුව ක්‍රීඩා ලෝලීන්ගේ විශේෂ අවධානයට ලක්ව තිබේ.
ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසය රන් අකුරින් ලියූ හෙල්ලේ ශූරයා - ලෝක මලල ක්‍රීඩා ' Ultimate' ශූරතාවලියේ රන් කිරුළ දිනයි