මාස 3ක් තුළ මත්ද්‍රව්‍ය සහිත බහුධින ධීවර යාත්‍රා 10ක් නාවික හමුදා භාරයට

Report

මෙම වසරේ ගතවූ මාස 3ක කාලය තුළ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුධින ධීවර යාත්‍රා 10ක් නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන තිබේ. මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ බහුදින ධීවර යාත්‍රාවක් අද (17) දික්ඕවිට වරායට රැගෙන ඒමෙන් පසු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක බුද්ධික සම්පත් මහතා අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කරන්දෙණිය සුද්දාගේ සොහොයුරා අද දිවයිනට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කරන්දෙණිය සුද්දාගේ සොහොයුරා අද දිවයිනට

ඔහු පැවසුවේ එම යාත්‍රා තුළ තිබී ප්‍රධාන විෂ මත්ද්‍රව්‍ය වන අයිස්, හෙරොයින්, හසීස් සහ කොකේන් යන මත්ද්‍රව්‍ය සොයාගත් බවය.

ඒ අනුව එම විශ මත්ද්‍රව්‍ය කිලෝ 1,800කට අධික ප්‍රමාණයක් එම බහුදින ධීවර යාත්‍රා තුළ තිබී නාවික හමුදා භාරයට ගැනීමටද කටයුතු කළ බව ඒ මහතා සඳහන් කළේය. එමෙන්ම මෙම මත්ද්‍රව්‍යවල දළ වීදි වටිනාකම රුපියල් බිලියන 44කට අධික බවද ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය. 

ඇවිලුණු යුද උණුසුමෙන් පසු පළමුවරට ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්තයෙන් අද දිවයිනටම සුබ ආරංචියක්

ඇවිලුණු යුද උණුසුමෙන් පසු පළමුවරට ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්තයෙන් අද දිවයිනටම සුබ ආරංචියක්