ශ්‍රී දළදා මාළිගාව සම්බන්ධයෙන් හද කම්පාකරවන කතාවක් එළියට
දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසන පරිදි මහනුවර ශ්‍රී දළදා මාළිගාව පවත්වාගෙන යාම සඳහා වසරකට රුපියල් කෝටි 150ක ආදායමක් අවශ්‍ය බව සඳහන් කරයි.
ඒ අනුව දිනකට රුපියල් ලක්ෂ 50ක ආදායමක් උපයා නොගත්තොත් දළදා මාලිගාව පවත්වාගෙන යාම අපහසු බවත්, එය මෙම වසරේ අභියෝගයක් බවත් ඔහු පවසයි.
පල්ලෙකැලේ පැවති උත්සවයකට එක්වෙමින් දියවඩන නිලමේවරයා මේ බව සඳහන් කර තිබේ.
"එහිදී තවදුරටත් අදහස් දැක්වූ දියවඩන නිලමේ නිලංග දෑල මහතා ප්‍රකාශ කරේ, "2005 වසරේ දළදා මාලිගාවේ වාර්ෂික ආදායම ලක්ෂ 800ක්. ඉන් ලක්ෂ 350ක පොලී ආදායමක් ලැබුණා.
නමුත් මේ අවුරුද්දේ දළදා මාලිගාව පවත්වාගෙන යන්න රුපියල් කෝටි 150ක් ඕන. එනිසා දිනකට ලක්ෂ 50ක ආදායමක් ඇතිකර නොගත්තොත් දළදා මාලිගාව පවත්වාගෙන යාම අපහසුයි. එය මේ අවුරුද්ද වෙනකොට අභියෝගයක්. ඒ නිසා දැවැන්ත වගකීමක් මාහට පැවරිලා තියෙනවා"
යනුවෙනි. මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වත්මන් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පත්වීමෙන් අනතුරුව වසර 20ක කාලයක් පුරා දළදා මාලිගාවේ පෙරහැර ඇතුළු අනෙකුත් මංගල්‍යයන් හා ආගමික වතාවත් මෙන්ම විවිධ කාර්යයන් උදෙසා සහාය දැක්වූ 453 දෙනෙකු උදෙසා කෘතගුණ දැක්වීමේ 'මෙහෙවරට බුහුමන් " ප්‍රණාම උලෙළේ දී ඔහු මේ බව පැවසීය.