ඔබාමාගේ ලෝක දැක්ම වෙනස් කළ පොත් ගැන කියන්න පොඩ්කාස්ට් වැඩසටහනක්

Report

හිටපු ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමාගේ ලෝක දැක්ම ගොඩනැගීමට බලපෑ සාහිත්‍ය කෘති පිළිබඳ සාකච්ඡා කෙරෙන නව පොඩ්කාස්ට් වැඩසටහනක් ආරම්භ කර තිබේ.

“A Great Book” ලෙස නම් කර ඇති මෙම වැඩසටහන Audible සඳහා නිෂ්පාදනය කර ඇති අතර, කථාංග හයකින් සමන්විත එය ඔබාමා විසින්ම මෙහෙයවීමට නියමිතය.

ඔහුගේ ජීවිතයට සහ අදහස්වලට බලපෑ ප්‍රකට සාහිත්‍ය කෘති පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත අතර, ප්‍රකට ලේඛිකා ටෝනි මොරිසන්, ඔත්තු කතා රචක ජෝන් ලෙ කැරේ සහ ලේඛක ජේම්ස් බෝල්ඩ්වින් ඇතුළු ලෝක ප්‍රකට කතුවරුන්ගේ කෘති කෙරෙහිද අවධානය යොමු කෙරෙනු ඇත.

රජයේ සේවකයින්ගේ වැටුප් ඉහළට - මූලික වැටුප් හා දීමනා වැඩිවීම් - අමාත්‍ය නලින්ද ජයතිස්ස කැබිනට් හමුවේ ප්‍රකාශයට

රජයේ සේවකයින්ගේ වැටුප් ඉහළට - මූලික වැටුප් හා දීමනා වැඩිවීම් - අමාත්‍ය නලින්ද ජයතිස්ස කැබිනට් හමුවේ ප්‍රකාශයට

බැරක් ඔබාමාගේ කියවීමේ පුරුද්ද සහ සාහිත්‍යයට ඇති උනන්දුව ඔහුගේ ජනාධිපති ධුර කාලයේ සිටම ප්‍රසිද්ධියට පත්ව තිබූ කරුණකි.

මෙම පොඩ්කාස්ට් වැඩසටහන හරහා තමන් තෝරාගත් පොත් පිළිබඳ පෞද්ගලික අදහස් මෙන්ම එම කෘති තම ලෝක දැක්ම සහ චින්තනය කෙරෙහි බලපෑ ආකාරයද ශ්‍රාවකයන් සමඟ බෙදා ගැනීමට ඔබාමා අපේක්ෂා කරයි.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමටත් මාලිමාවට ජනවරමක් තිබෙනවා - අමාත්‍ය උපාලි පන්නිල

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමටත් මාලිමාවට ජනවරමක් තිබෙනවා - අමාත්‍ය උපාලි පන්නිල