දිස්ත්‍රික් මහ රෝහලක හදිසියේම ළදරු වාට්ටුවේ වහලය කඩා වැටේ

Report

අද (30) අද පෙරවරු කාලයේ නව මහල් ගොඩනැගිල්ලක ඉදිකිරීම් කටයුතු කරන අතරතුර සිදුවු අනතුරක් හේතුවෙන්, මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ළදරුවන් හා මව්වරු කිහිපදෙනෙක් වාට්ටුවකින් ඉවත්කර තිබේ.

එනම් මෙම වා අනතුර සිදුව ඇත්තේ ළදරු වාට්ටුවේ වහලය කඩා වැටීම හේතුවෙනුයි.

නව මහල් ගොඩනැගිල්ලට යන්ත්‍රයක් මඟින් කොන්ක්‍රීට් යෙදීමට යාමේදී ඉදිකිරීම් ගොඩනැගිල්ලට යාබඳව පිහිටි ළදරු වාට්ටුවේ වහලය මතට මිශ්‍ර කරන ලද කොන්ක්‍රීට් තට්ටුවක් කඩා වැටීමෙන් ළදරු වාට්ටුවේ වහලය බිඳී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ වාට්ටුවේ සිටි ළදරුවන් සහ මව්වරුන් කිහිපදෙනෙකු මතට එම කොන්ක්‍රීට් කඩා වැටී අනතුර සිදුව ඇති අතර අනතුර හේතුවෙන් මව්වරුන් තිදෙනෙකු සහ ළදරුවන් තිදෙනෙකු පරීක්ෂණ කටයුතු සඳහා අදාළ අංශ වෙත යොමු කර තිබේ.

අනතුර හේතුවෙන් වාට්ටුවේ සිටි සියලූම ළදරුවන් සහ මව්වරුන් දැනට ඉවත් කර ඇති අතර, ඔවුන් ආරක්ෂිත ස්ථානවලට යොමු කර ඇත.

කාටද සහය දෙන්නේ..වෙනත් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවද..පක්ෂ දෙකක් තීරණයක..

කාටද සහය දෙන්නේ..වෙනත් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවද..පක්ෂ දෙකක් තීරණයක..